අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලය හා හානි පුර්ණය සදහා වන කාර්යාලය යන ආයතනයන්හි ප්‍රගතිය විමසා බැලීමේ හා එම ආයතන විසින් ඉදිරියේදී දියත් කිරීමට නියමිත වැඩ සටහන් පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අධිකරණ අමාත්‍යාශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. (2022.06.10)

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලය හා හානි පුර්ණය සදහා වන කාර්යාල විසින් සිදු කරන ලද වැඩ සටහන් හා ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන ලබන මහජන හිතවාදී වැඩ සටහන් පිළිබදව එම ආයතන ප්‍රධානීන් විසින් අමාත්‍යතුමා දැනුවත් කිරීම සිදු කරන ලදී.

සාමාන්‍ය පොදු මහ ජනතාවට උපරිම ප්‍රතිලාභයන් හිමි වන ආකාරයට මෙම ආයතන කටයුතු කිරීමේ ඇති වැදගත්කම අමාත්‍යතුමා විසින් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළ අතර මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා ඇතුළු එම කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද මහතා ඇතුළු නිලධාරීන් හානි පුර්ණ කාර්යාලයේ හා අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් එක් විය.

img 1 img 2

img 3