“ සියවසකට එහා වැජඹී මාතොට උරුමය “ මාතර කොටවිල නව අධිකරණ සංකීර්ණ නීති පුස්තකාලය විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය ,ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධාන්තවයෙන් අද (24) පෙරවරුවේ සිදු විණි.


1736 මාතර අධිකරණය ආරම්භ කර ඇති අතර, 1837 වසරේ එම අධිකරණ සංකීර්ණය තුළ නීති පුස්තකාලයක් ආරම්භ කර තිබේ.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( නීති) පියුමන්ති පීරිස්,ජනාධිපති නීතිඥවරුන් වන රසීක් සරූක්, ආනන්ද වික්‍රමසේකර, උපාලි මොහොට්ටි, කපිල මනම්පේරි, මාතර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, රංගජීව ගමගේ, එහි ලේකම් රංජිත් අබේසුන්දර, ගාල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ,දුමින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ. අධිකරණ අමාත්‍යතුමා විසින් රචිත ග්‍රන්ථ කිහිපයක් මාතර අධිකරණ නීති පුස්තකාලය සදහා පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විණි.

moj meeting 11 27 img 01 moj meeting 11 27 img 02 moj meeting 11 27 img 03