අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා වන මයිකල් ඇපල්ටන් (Michael Appleton ) මහතා අතර හමුවක් අද (2022.06.02) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ද හමුවිය.

වර්තමානය වන විට රට තුළ පවතින දේශපාලන වාතාවරණය හා යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යතුමා විසින් මහ කොමසාරිස්වරයා සහ තානාපතිනියන් වෙත දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාව එම රටවල් අතර දිගු කාලයක සිට දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවත්, මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති දුෂ්කර තත්වයෙන් ගොඩ ඒම සඳහා සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කල අමාත්‍යතුමා එම රජයන් විසින් ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බව ද අධිකරණ අමාත්‍යතුමා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවන් සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණෟඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද එක්විය.

img 1 img 2

img 3 img 4

img 5