ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Holger Seubert මහතා හා යුරෝපා සංගමයේ තනාපතිතුමා අතර හමුවක් අද (2022.02.01) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.

මෙරට පැවති යුදමය වාතාවරණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට යුක්තිය ඉටු කිරීම හා ජාතීන් අතර සංහිදියාව ගොඩනැංවීමේ ඇති වැදගත්කම මෙහිදී අවධාරණය විය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර යන මහත්වරුන් ඇතුළු ජර්මානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක් විය.

img-1 img-2

img-3 img-4