අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරෙරා මහත්මිය සහ ඉරාන විදේශ අමාත්‍යවරයාගේ මානව හිමිකම් පිළිබඳ සහාකාර Baghaei Hamaneh මැතිතුමා අතර හමුවක් අද දින පෙරවරුවේ (2023.08.11) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව හා ඉරාන රාජ්‍ය අතර සිරකරුවන් හුවමාරු කිරීම සහ අපරාධ හා වාණිජමය කටයතු සඳහා නව ගිවිසුමක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කල අතර ත්‍රස්තවාද වැලැක්වීම සඳහා වූ නව නීති ගෙනඒම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
අධිකරණ අමාත්‍යාශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස්, ඉරාන දූත මණ්ඩල ප්‍රධානී Soheli Kheiri යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

moj meeting img 1 moj meeting img 2