• ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ නීතියේ ආධිපත්‍යය මගින් ජනතාව බලාපොරාත්තු වන අරමුණු ඉටු කර ගැනීමට නීතිය පිළිබදව දැනුම ජනතාවට අවශ්‍යයි.
  • අපේ රටේ ඇති වු ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිද වැටීමත් හේතු සාධක වුණා.

අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

නීතිය පිළිබදව මහ ජනතාවට දැනුම ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2023 ජාතික නීති සතිය සමාරම්භක උත්සවය ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය මහතාගේ සහ ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 12, උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී (28) අද පෙරවරුවේ පැවැත්විණි.

එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
අපේ රටේ නීතිඥ වෘත්තිය පිළිබදව සාමාන්‍ය ජනතාවට තිබු වැරදි මතය වෙනස් කිරීම සදහා හිටපු විනිසුරු සී.ජේ.වීරමන්ත්‍රි මැතිතුමා විසින් 2006 වසරේදී මේ ජාතික නීති සතිය සංකල්පය ලෝකයට හදුන්වා දෙනු ලැබුවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ නීතියේ ආධිපත්‍යය මගින් ජනතාව බලාපොරාත්තු වන අරමුණු ඉටු කර ගැනීම සදහා නීතිය පිළිබදව වු දැනුම ජනතාවට අවශ්‍යයි. මේ වන විට නීති ආධාර කොමිෂන් සභාව විසින් අඩු ආදායම්ලාභි ජනතාවට නොමිළේ නීතිමය සේවාවන් ලබාදීම සදහා කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. ඊට යුරෝපා සංගමය, ආසියා පදනම, යුනිසෙ‌ෆ් හා UNDP ආයතනය වල සහයෝගය ලබාදී තිබෙනවා. එමෙන්ම සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරීම සදහා ද කටයුතු කර තිබෙනවා. ඒ සදහා ද ජාත්‍යන්තර ආයතනවල සහයෝගය ලැබී තිබෙනවා. පසුගිය කාලය තුළ අපේ රටේ ඇති වු ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිද වැටීමත් හේතු සාධක වුණා. ආර්ථක අර්බුදයෙන් අත් මිදෙමින් ඇති අවස්ථාවක සිටින ජනතාවට මෙවැනි වැඩ සටහන් පැවැත්වීම අතිශයින් වැදගත් වෙනවා. ජාතික නීති සතිය තුළින් සිදු කරනු ලබන සේවාවන් වර්තමානයට අතිශයින් වැදගත් වෙනවා. විශේෂයෙන් මහ ජනතාවට නීතිය පිළිබදව වු අවබෝධය ලබා දීමට නීතිඥ ප්‍රජාව විසින් කරනු ලබන මෙම සේවාව සාර්ථකව සිදු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශයේ සහ රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ කෞශල්‍ය නවරත්න, එහි ලේකම් නීතිඥ, ඉසුරු බාලපටබැදී, UNDP ආයතනයේ ශ්‍රී ලංකා නේවාසික නියොජිත අෂුෂා කුබෝටා යන මහත්ම මහත්මීන්ද අදහස් දැක්වීය.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය යුරෝපා සංගමය, ආසියා පදනම, යුනිසෙ‌ෆ් හා UNDP ආයතනයන්හි සහයෝගය ඇතිව 2023 ජාතික නීති සතිය වැඩ සටහන සංවිධානය කර ඇති අතර, බස්නාහිර පළාත තුළ සිටින ජනතාවට නීතිය පිළිබදව අවබෝධය ලබා ගැනීම, උපදෙස් ලබා දීම සදහා වු නීති සායන අද (28) සහ හෙට (29) දෙදින තුළ පැවැත්වෙයි. සැප්තැම්බර් 25 වැනි දින සිට ඔක්තෝම්බර් 01 වැනි දින දක්වා දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ජනතාවට නීතිය පිළිබදව අවබෝධය ලබා ගැනීම, උපදෙස් ලබා දීම සදහා වු නීති සායන පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නීතිඥ වෘත්තිය පිළිබදව සාමාන්‍ය ජනතාවට තිබු මතය වෙනස් කිරීම අරමුණු කරමින් හිටපු විනිසුරු සී.ජේ.වීරමන්ත්‍රි මහතා විසින් ජාතික නීති සතිය වැඩ සටහන ලොවට හදුන්වා දී ඇත.

ගරු නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, , 2023 - ජාතික නීති සතිය කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ, යු.ආර්. ද සිල්වා යන මහත්ම මහත්මීන් ගරු විනිසුරුවරුන්, යුරෝපා සංගමය, ආසියා පදනම, යුනිසෙ‌ෆ් හා UNDP ආයතනයන්හි නිලධාරීන්, නීතිඥයින්, පාසල් සිසුන්, මහ ජනතාව ඇතුළු විශාල පිරිසක් සමාරම්භක උත්සව අවස්ථාවට එක්ව සිටියහ.

නීතිය පිළිබදව දැනුවත් කිරීම හා රාජ්‍ය ආයතන මගින් මහ ජනතාවට සේවාවන් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, සමථ මණ්ඩල කොමිෂන් සභාව, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ඉඩම් දෙපාර්තමේන්තුව, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු ආයතන විසින් ප්‍රදර්ශන කුටි උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත.

moj event 09 28 img 01 moj event 09 28 img 02 moj event 09 28 img 03

moj event 09 28 img 04 moj event 09 28 img 05

  • සහජීවනය බිද වැටීමේ සිද්ධියක් වුවහොත් පිළිබදව ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමටත් හැකි වන ක්‍රමවේදයක් සංහිදියා කමිටු හරහා ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා.
  • බලයේ සිටි සියලු ආණ්ඩු සාමය සහ සංහිදියාව ගොඩ නැගීම සදහා අවශ්‍ය කරන අවංක උත්සාහයක් ගෙන තිබුණේ නැහැ.


අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

සැප්තැම්බර් මස 21 වන දිනට යෙදී තිබු ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් ( ජාත්‍යන්තර සාම දින උත්සවය - 2023) අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය ජාත්‍යන්තර සාම දිනයට සමගාමී සංවිධානය කළ ජාත්‍යන්තර සාම දින උත්සවය ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මියගේ සහභාගිත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද (22 ) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
සාමය සියලු ජන කොටසකටම රටකටම වගේම සමස්ත ලෝකයටම ඉතා වැදගත් කරුණක් බව අපි සියලු දෙනා දන්නා කරුණක්. සාමය සංහිදියාව ඇති කළ යුත්තේ පහල සිට ඉහලටයි, ඒ කියන්නේ ග්‍රාමීය මට්ටමේ සිටයි. ඒ නිසා අපි සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි සංහිදියා කමිටු පිහිටුවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ මේ වන විට ග්‍රාම සේවා වසම් 14022 ක් සංහිදියා කමිටු ස්ථාපිත කළා. සහජීවනය ග්‍රාමීය මට්ටමින් ස්ථාපිත කිරීම සදහා ආගමික නායකයින්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. විශේෂයෙන් අපේ අනාගත පරපුර මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීමෙන් වළක්වා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සදහා ග්‍රාමීය සහජීවන කටයුතු කළ යුතුයි. ආගම් හා ජාතීන් අතර ග්‍රාමීය වශයෙන් සහජීවනය බිද වැටීමේ කිසියම් සිද්ධියක් ඇති වුවහොත් එවැනි දේ ඇති නොවීමටත් ඒ පිළිබදව ඉහළ පෙලේ රාජ්‍ය තන්ත්‍රය කඩිනමින් දැනුවත් කිරීමටත් හැකි වන පරිදි ක්‍රමවේදයක් සංහිදියා කමිටු හරහා ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සදහා ජාතික සමගිය හා ප්‍රති සංධානය සදහා වු කාර්යාලය ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කරනවා. ඉතිහාසයේ අපේ රටේ අවස්ථා කිහිපයකදී ලේ වැගිරීම් සිදු වු අවස්ථා තිබෙනවා. 1971, 1988 මේ රටේ භීෂණයක් තිබුණා.

වසර තිහක කාලයක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් ජනතාව පීඩා වින්දා. අපේ රටේ බලයේ සිටි සියලු ආණ්ඩු සාමය සහ සංහිදියාව ගොඩ නැගීම සදහා අවශ්‍ය කරන අවංක උත්සාහයක් ගෙන තිබුණේ නැහැ.

පසුව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වුණා. මේවා වළක්වන්න අපිට අපේ රටේ නායකයින්ට වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. මේ සියලු සිද්ධින් වළක්වන්න අවස්ථාව අපිට තිබුණා. එහෙම කියලා අපි අතීතය ගැන කථා කරලා වැඩක් නැහැ. ඉදිරියේදී එවැනි දේ සිදු නොවීම සදහා කටයුතු කළ යුතුයි.

තරුණ පරපුර අපේ රටේ ශක්තියයි. ඒ අයට සුරක්ෂිත රටක් ලෙස මේ රට පරිවර්තනය කළ යුතුයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ සියලු ආගම්වල සාමයෙන් සංහිදියාවෙන් කටයුතු කිරීමේ ඇති වටිනාකම පැහැදිලි කර තිබෙනවා. සියලු දෙනා තම ආගමික ඉගැන්වීම අනුව සාමකාමී දේශයක් ගොඩනැවීම සදහා එක්ව කටයුතු කළ යුතු බව ද අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.

ජාත්‍යන්තර සාම දිනය සමරමින් ජාතික සමගිය පිළිබඹු වන ආකාරයේ විවිධ වැඩ සටහන් සංවිධානය කර තිබු අතර, අධිකරණ අමාත්‍යතුමාගේ සහ ජාතික සමගිය හා සංහිදියාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සංවාද මණ්ඩපයක් සංවිධානය කර තිබු අතර, සංහිදියාව පිළිබදව ජනතාවට පවතින ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව එහිදී ලබා දී තිබුණි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චංග්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රති සංස්කරණ අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මීන් මෙහිදී අදහස් පළ කළ අතර, මහා සංඝ රත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්, ජාතික සමගිය හා සංහිදියාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( ඒකාබද්ධතා) ආර්.පී.එස්.සමන් කුමාරී, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලයේ සභාපති ජේ.ජේ.රත්නසිරි, එහි අධ්‍යක්ෂ දීප්ති ළමා හේවා මහත්වරුන්, ග්‍රාමීය සංහිදියා කමිටු සාමාජිකයින් ජාත්‍යන්තර සාම දින උත්සවය සදහා එක්ව සිටියහ.
ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව ගැටුම් වැළැක්වීම සහ නිරාකරණයට අවශ්‍ය පසුබිම සකස් කර ප්‍රජාව බල ගැන්වීම අරමුණු කර ගනිමින් සිවිල් සංවිධාන සහ විෂය ප්‍රවීණයන් පොදු ජනතාව සම්බන්ධ කරගත් සංවාද මණ්ඩප, ජාත්‍යන්තර සාම දින උත්සව පරිශ්‍රයේ තබා ඇති පුවරුවක ජාතික සමගිය පිළිබදව අදහස් සටහන් කිරීමේ සමරු පවුර, කලාව තුළින් සංහිදියාව විදහා දක්වන සිත්තම් පවුර වැඩ සටහන, සංහිදියාව පිළිඹිබු වන ආකාරයට පාසල් විශ්ව විද්‍යාල හා විවෘත අයුරින් සේයාරූ, සිතුවම්,කවි නිර්මාණ තරග, චිත්‍රපට ප්‍රදර්ශන හා සංවාද, මෙරට හදුනාගත් විවිධ ජන වර්ග 21 ක් සහ ඔවුන්ට ආවේණික සංස්කෘතික විචිත්‍රත්වය භාෂා රටා ආගමික වටිනාකම් ආහාර සහ ආවේණික ඇදුම් ප්‍රදර්ශනය කෙරෙන කුටි 21 ක් එකම ස්ථානයක දැක ගැනීමට අවස්ථාව ද සංවිධානය කර තිබිණි.

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය විසින් විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් අතර ජාතික මට්ටමින් පැවැත්වු චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් සදහා ත්‍යාග සහ සහතික ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

moj event 09 21 img 1 moj event 09 21 img 2

moj event 09 21 img 3 moj event 09 21 img 4

moj event 09 21 img 5

  • පුද්ගලයින් වැඩි පිරිසක් බන්ධනාගාරගතව සිටින්නේ මුල් ළමා විය සංවර්ධනය නොලැබීම නිසයි.
  • දරු පරපුර මත් උවදුරින් බේරා ගතහොත් බන්ධනාගාරගත සදහා යොමු වන පිරිස අඩු කර ගත හැකියි.
  • උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ පිළිබදව සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිතයි.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා‌ පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක විශිෂ්ට නායකත්වය උදෙසා අනාගත පරපුර රැගෙන යාමේ දීප ව්‍යාප්ත වැඩ සටහනෙහි සමාරම්භක උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (13) ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
අපේ රටේ වටිනාම සම්පත දරු පරපුරයි. අපි එය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.අපි දැන් සාකච්ඡා කළ යුතු වන්නේ බන්ධනාගාර ඉදි කිරීම ගැන නොවෙයි. බන්ධනාගාර වහන එක අපේ ඉලක්කය විය යුතුයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ විකෘතියක් තිබෙනවා. ඒ විකෘතිය සකස් කරන තෙක් බන්ධනාගාර වහන්න බැහැ. ඒ සදහා අපි පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් හරහා නිර්දේශ ඉදිරිපත් කළා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික පාසල් හා පළාත් සභා පාසල් කියලා පාසල් පද්ධතිය විකෘති වුණා. මේ රටේ ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. අපේ රටේ වැඩි සංඛ්‍යාවක් පුද්ගලයින් බන්ධනාගාරගතව සිටින්නේ මුල් ළමා විය සංවර්ධනය නොලැබීම නිසයි. ඒ නිසා මුල් ළමා විය සංවර්ධනය විධිමත්ව වෙනස් විය යුතුයි. දරුවෙකුගේ බුද්ධිය වැඩීම වර්ධනය වන්නේ වයස අවුරුදු හයක් දක්වා කියලා සොයා ගෙන තිබෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව් .ඩබ්ලිව් හැකියි. අපේ රටේ පවතින තරගකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් අධ්‍යාපනයට පවතින තරගකාරීත්වය නතර කළ යුතු බවද අමාත්‍යතුමා පැවසීය.කන්නන්ගර මැතිතුමා වගේම, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා වශයෙන් උසස් අධ්‍යාපනයේ පියා වශයෙන් හැදින්විය හැකියි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිසංස්කරණ පිළිබදව සොයා බලා අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගය පාසලේ දහය වසරේදී පැවැත්වීමට හා උසස් පෙළ විභාගය 12 වසරේදී පැවැත්වීමට නිර්දේශ කළා. දැනට පවතින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා ප්‍රධාන ඒකක හතරක් යටතේ ක්‍රියාත්මක වන පරිදි උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් යෝජනා කර තිබෙනවා. එමෙන්ම අපේ රටේ වෘත්තිය අධ්‍යාපනයට පවතින පිළි ගැනීම ඉහළ නැංවීම සදහා විශ්ව විද්‍යාල මට්ටමින් වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමට හා බුද්ධිය හා ප්‍රඥාව මුලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් සදහා වු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මේ නව අධ්‍යාපන යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක නොකලහොත් තවත් වසර කිහිපයක් ගත වන විට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තරගකාරී ලෝකයට මුහුණ දීම සදහා සුදුසු වන්නේ නැහැ. මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙර සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිතයි බව ද අමාත්‍යතුමා පැවසීය.
මේ රටේ මැතිවරණවලදී සිදු වන දුෂණ අවම කරන්න හා අල්ලසට දුෂණයට එරෙහිව අපි කටයුතු කළා .අල්ලසට දුෂණයට එරෙහිව පනත් ඉදිරිපත් කරන අවස්ථාවලදී පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ඇතැම් අය විරුද්ධ වුණා. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා සහ අමාත්‍යවරයා වශයෙන් මා ඒ සදහා මුහුණ දුන්නා. මත් උවදුරින් අපේ රටේ ජනතාව නිදහස් කර ගැනීමට හා සංහිදියාව ගම් මට්ටමින් ඇති කරමින් ගමේ සාමය ආරක්ෂා කිරීම සදහා සියලු ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් සංහිදියා කමිටු පිහිටුවීමට කටයුතු කළා. ඒ් යටතේ මේ වන විට සංහිදියා කමිටු දස දහසක් ස්ථාපිත කර තිබෙනවා. දරු පරපුර මත් උවදුරින් බේරා ගතහොත් හිර ගෙවල් සදහා යොමු වන පිරිස අඩු කර ගත හැකි බවද අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව මෙරට පාසල් දරු දැරියන් විශිෂ්ට නායකයින් බවට පත් කරවීම අරමුණු කර ගනිමින් ඔවුන්ට ප්‍රායෝගික හා න්‍යායාත්මකව ඉදිරියට යාම සදහා මං පෙත් විවර කිරීම, අභියෝගයන් සදහා මුහුණ දෙමින් ගැටළු සදහා විසදුම් ලබා ගනිමින් ඉදිරියට යාම පිළිබදව දැනුවත් කිරීම, සමස්ත රටටම විශාල අභියෝගයක්ව පවතින මත් උවදුරින් දරු පරපුර බේරා ගැනීම, කාන්තාවන්ට සමාජයෙන් පැමිණෙන අභියෝගවලට මුහුණදීමේදී කන්තාවන් වෙනුවෙන් පවතින නීති පිළිබදව පාසල් දැරියන් දැනුවත් කිරීම, ගම්පොල අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්ගේ ක්‍රිඩා කුසලතාවයන් වැඩි දියුණු කරමින් නායකත්වය සදහා යොමු කරවීම, ආගමික කටයුතුවල නිරතවීම තුළින් ආධ්‍යාත්මික ගුණ වගාවන් පෝෂණය කර ගැනීම, ගම්පොල අධ්‍යාපන කලාපයේ පාසල් තුළ විධිමත් පරිදි මාධ්‍ය ඒකක පිහිටුවීම, විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට නොහැකි දරුවන් වෘත්තිය අධ්‍යාපනය සදහා යොමු කරවීම ඇතුළු අනාගත පරපුර විශිෂ්ටයින් බවට පත් වන ආකාරයේ අරමුණු රැසක් මුලික කර ගනිමින් මෙම ජාතික වැඩ සටහන ආරම්භ කර තිබේ.

විශිෂ්ට නායකත්වය උදෙසා අනාගත පරපුර රැගෙන යාමේ දීප ව්‍යාප්ත වැඩ සටහනෙහි සමාරම්භක උත්සවයෙහි ආගමික වතාවත් වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පුජ්‍ය කඩුගන්නාවේ නන්දසිරි හිමියන් සිදු කළ අතර, වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනී ඊ.ඊ.ඒ.ඩී.කේ.කේ. එදිරිසුරිය මහත්මිය ජාතික වැඩ සටහනෙහි අරමුණ පැහැදිලි කළාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ , ලලිත් යු.ගමගේ , අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළ අතර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ගම්පොල කලාපයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් දරු දැරියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම ජාතික උත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

moj meeting 09 13 img 01 moj meeting 09 13 img 02

moj meeting 09 13 img 03

ජාත්‍යාන්තර සාම දිනය වෙනුවෙන් අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ වැඩසටහන ජාතික ඒකාබද්ධතා අංශ ශ්‍රවණාගාරයේ දී අතිරේක ලේකම් (ජාතික ඒකාබද්ධතා) ආර්.පී.එස්. සමන්කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ද, ජාතික සමගිය හා ප්‍රතිංවිධානය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා මහතා, හානි පූර්ණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එල්.එම්. හෂීම් මහතාද, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානිපූර්ණය සඳහා වන කාර්යාලය සහ ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් 2023.09.21 දින පෙරවරුවේදී පැවැත්විණ.

moj meeting 09 22 img 01 moj meeting 09 22 img 02 moj meeting 09 22 img 03 moj meeting 09 22 img 04 moj meeting 09 22 img 05 moj meeting 09 22 img 06 moj meeting 09 22 img 07 moj meeting 09 22 img 08

  • ව්‍යවස්ථාපිත ක්‍රමයක් යටතේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට කටයුතු කරනවා.
  • අපේ රටේ අධ්‍යාපනක්‍රමය තුළ කුසලතා සංවර්ධනය වැඩි දියුණු කළ යුතුයි.

SDTI Campus වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ 2023.09.11 පෙරවරුවේ පැවති නිපුණතා සංවර්ධන හා ජාත්‍යන්තර පුහුණු ආයතනයේ ( SDTI Campus) 2023 වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි.

උපදේශනය, හෙද, බැංකුකරණය, තොරතුරු තාක්ෂණය, ඖෂධවේදී, විලාසිතා, කළමණාකරණ, ගුරු ආදී ක්ෂේත්‍ර රැසක පාඨමාලා හදාරන ලද උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් මෙහිදී උපාධි සහ ඩිප්ලෝමා සහතික ලබා ගන්නා ලදී.
තවදුරටත් අදහස් පළ කරමින් අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
විශ්ව විද්‍යාල සදහා ප්‍රවේශවීමට නොහැකි වු තරුණ තරුණියන් දහස් ගණනකගේ අනාගතය සාර්ථක කර ගැනීම සදහා SDTI Campus ආයතනය සිදු කරන මෙහෙවර අගය කරනවා. විශේෂයෙන් උපාධි ලබාදීමේදී එය කුසලතා සංවර්ධනයත් සමග ලබා දිය යුතුයි. උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි දු දරුවන්ගෙන් හතලිස් පන් දහසක් පමණ විශ්ව විද්‍යාල සදහා ඇතුළත් කර ගන්නවා. එහෙත් උසස් පෙළ විභාගයට පෙනී සිටි තවත් ලක්ෂ ගණනක් සිසුන්ට විශ්ව විද්‍යාල සදහා ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වෙනවා. එසේ විශ්ව විද්‍යාල වරම් නොලබන සිසුන් වෙනුවෙන් විශේෂිත වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අපි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකින් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කලා. ආණ්ඩු වෙනස් වෙන පරිදි අමාත්‍යවරයා වෙනස් වන ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන්න ඉඩ දෙන්න බැහැ. එම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් අපි ඒ විදිහට යෝජනා කලා. අපිට අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. දැනට පවතින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තිය පුහුණු අධිකාරිය අහෝසි කරලා ඒ වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්න යෝජනා කරලා තිබෙනවා. ඒ කොමිෂන් සභාව තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පිළිබදව සොයා බැලීමට විශේෂ අංශ දෙකක් සහ විශ්ව විද්‍යාල තුළ පවතින ගුණාත්මක බව පරීක්ෂා කිරීමට වෙනම ක්‍රමවේදයක් පැවතිය යුතුයි. ගුණාත්මක අධ්‍යාපනයක් තරුණ තරුණියන්ට ලබාදීම රජයේ වගකීමක් .අද අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ කුසලතා සංවර්ධනය නොසලකා හැර තිබෙනවා. ඒ නිසා කුසලතා සංවර්ධනය දියුණු කළ යුතුයි.ව්‍යවස්ථාපිත ක්‍රමවේදයක් යටතේ වර්තමානයට ගැළපෙන පරිදි අධ්‍යාපන ක්‍රමය සකස් කිරීමට පියවර ගත යුතුයි. ඒ සදහා ගරු ජනාධිපතිතුමාගේ ද අවධානය යොමුව තිබෙනවා.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහිත නිසි වැඩ පිළිවෙළක් සකස් නොකළහොත් ලක්ෂ ලණනාවත් තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ වෙන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.
පුජ්‍ය නැදුන්ගමුවේ රාහුල ස්වාමීන් වහන්සේ බෞද්ධ ආගමික ආශිර්වාද එක් කළ අතර, SDTI Campus ආයතනයේ සභාපති ආචාර්ය ශාන් බණ්ඩාර, SDTI Campus හි කථිකාචාර්ය එන්.ටී.බණ්ඩාර යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළහ.

moj sdti img 01 moj sdti img 02

moj sdti img 03 moj sdti img 04