pdf iconසිතාසි බෙදන්නා හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා

pdf iconඅධිකරණ ආරක්ෂක හා පිස්කල් පියන්

 

සමාලෝචන කමිටු තීරණ සම්බන්ධ නිවේදනයන්

 

  • සිතාසි බෙදන්නා හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා, අධිකරණ ඝෝෂක හා ප්‍රවේශක, පිස්කල් පියන්, පිස්කල් භාරකාර මාතා සහ අධිකරණ ආරක්ෂක අභ්‍යන්තර ස්ථාන මාරු - 2023.10.02 දින සිට ක්‍රියාත්මක වේ. ස්ථාන මාරු ලද සියළුම නිලධාරීන් අනුප්‍රාප්තිකයන් පැමිණෙන තෙක් රඳවා නොගෙන නියමිත දින නව සේවා ස්ථානයේ රාජකාරි භාර ගැනීමට හැකි වන සේ මුදා හැරීමට කටයුතු කරන ලෙස දන්වන අතර, මෙම ස්ථාන මරු වීම් ප්‍රමාදයෙන් තොරව ක්‍රියාත්මක කළ යුතු බව දන්වමි.
  • ඉහත පරිදි ස්ථාන මාරු ක්‍රියාත්මක කර අමාත්‍යාංශය වෙත වාර්තා කළ යුතුය.
  • ඉහත ස්ථාන මාරු සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා යොමු කළ නිලධාරීන් අයත් වන ස්ථාන මාරු චක්‍ර ක්‍රියාත්මක වන දිනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය ලද පසු දැනුම් දීමට කටයුතු කරන අතර, එතෙක් එම ස්ථාන මාරු නියෝග පමණක් තාවකාලිකව අත්හිටවනු ලැබේ.