Accessibility Tools

moj logo

Open menu

ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා සහ කෑගල්ල, වරකාපොල, මාවනැල්ල, රුවන්වැල්ල නීතීඥ සංගම් වල නියෝජිතයින් සමග සාකච්ඡාවක් ඊයේ (04) වන දින කෑගල්ල අධිකරණ සංකීර්ණයේදී පැවැත්විණ.  

කෑගල්ල අධිකරණ සංකීර්ණයේ අධිකරණමය කටයුතු කිරීමේදී ඇතිවන ගැටළු, නඩු වාර්තා ගබඩා කිරීමේදී ප්‍රමාණවත් පරිදි පහසුකම් නොමැතිවීම, නීතිඥ මහතුන්ට සහ අධිකරණ සේවකයන් වෙනුවෙන්  වාහන නැවැත්වීම සඳහා  සුදුසු වාහන අංගනයන් සකස් කර ගැනීම සම්බන්ධයෙන් නීතිඥ මහතුන් විසින් අමාත්‍යතුමන් දැනුවත් කල අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම අධිකරණ සංකීර්ණය වෙනුවට නවීන පහසුකම් සහිත මහල් හයකින් යුක්ත නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විටත් සකස් කර අවසන් බවයි.

එමෙන්ම වාහන නැවත්වීම සඳහා භූමියේ පිහිටීම සලකා බලා අවශ්‍ය ඉඩ පහසුකම් සහිත වාහන අංගනයක් සකස් කිරීමට සොයා බලා කටයුතු කරන ලෙස ද එම ඉදි කිරීම් කටයුතු පරිසරය ආරක්ෂා වන ආකාරයට සිදු කරන මෙන් අධිකරණ අමාත්‍යාංශයේ  නිලධාරීන් වෙත දැනුම් දුන් අතර මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද ප්‍රමාණවත් බවද අමාත්‍යවරයා විසින් නීතිඥ මහත්ම මහත්මීන් වෙත දැනුම් දෙන ලදී.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, කෑගල්ල නීතිඥ සංගමයේ සභාපති ආනන්ද කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු කෑගල්ල, වරකාපොල, මාවනැල්ල, රුවන්වැල්ල යන නීතිඥ සංගම් වල නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

Img 01 Img 02

FaLang translation system by Faboba

பதிப்புரிமை © 2026 நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சு.
அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026