Accessibility Tools

moj logo

Open menu

අතුරුදහන් වුවන් වෙනුවෙන් වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා - අධිකරණ ඇමති පවසයි.

අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යාපනය සිවිල් සංවිධාන නියෝජිතයින්  අතර සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ (20) පැවැත්විණි.

එහිදී සාකච්ඡාවට පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් යුද සමයේ අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන ලදී.

එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

“අතුරුදහන් වු පුද්ගලයෙකු වෙනුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදල ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් විශේෂ කොටසක් සේ සළකා මීට වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව වන්දි පැකේජයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් තිබෙනවා. අතුරුදන් පුද්ගලයින්ගේ ඥාතීන්ගේ ජීවිතය ගොඩනැගීම එහි අරමුණයි. පැමිණිලි විමර්ශනය කිරීමේ අරමුණ වන්දියක් ලබාදීම නොවෙයි. සිදු වුයේ කුමක්ද යන්න පිළිබදව සත්‍ය සොයා ගත යුතුයි. යුක්තිය ඉටු විය යුතුයි. එය කඩිනමින් විය යුතු බව වත්මන් රජයේ මතයයි. වත්මන් රජය බලයට පත් වන විට අතුරුදහන් වු තැනැත්තන්ගේ කාර්යාලයේ පැමිණිලි එකොළොස් දහසක් තිබුණා. ඒවා විසදීම වෙනුවෙන් විමර්ශන කමිටු පත් කිරීම වෙනුවෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් රුපියල් මිලියන 375 ක් වෙන් කළා. මේ වන විට පුද්ගලයින් 75 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටු 25 ක් ක්‍රියාත්මකයි. අද මෙම ස්ථානයට අතුරුදහන් වු තැනැත්තන්ගේ ඥාතීන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් වු වත්මන් රජයේ යාන්ත්‍රණය පිළිබදව පවතින විශ්වාසය ඉන් පැහැදිලි වෙනවා. 2009 වසරේ යුද්ධය අවසන් වෙලා තවමත් අතුරුදහන් වු තැනැත්තන්ගේ ප්‍රශ්න තිබෙනවා කියන්නේ පැවති රජයන් ඒවා විසදා නොමැති බවයි. අතුරුදහන් වු ඔබේ ඥාතියා සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභාවට ආයතනවලට කිහිපවරක් පැමිණිලි කර තිබෙනවා.

ඔබගේ ඥාතීන් අතුරුදහන් වු අතීතය අමතක කරන්න කියන්නේ නැහැ. අලුතින් සිතමින් විශ්වාසය ගොඩ නගමින් ඉදිරියට යා යුතුයි. මේ රජය බලයට පැමිණියේ උතුරේත් දකුණේත් සියලු ජනතාවගේ සිත් දිනාගෙනයි. මේ ප්‍රශ්නවලට ස්ථිර අවසානයක් ලබා දිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය.

ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලංකුමාරන්, ශ්‍රී භවනන්දරාජා, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. ශිවකරන්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර, යාපනය නල්ලුර් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අද (20) පෙරවරුවේ පැවති අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කරනු ලබන ආකාරය නිීරීක්ෂණය කිරීමේ අවස්ථාවට ද අධිකරණ අමාත්‍යතුමා එක් විය.

     

FaLang translation system by Faboba

பதிப்புரிமை © 2026 நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சு.
அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026