Accessibility Tools

moj logo

Open menu

2026 ජූලි 5 සහ ජූලි 6 යන දෙදි‍න තුළ මීගමුව බන්ධනාගාරය තුල ඇති වූ හදිසි තත්වය හේතුවෙන්, එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති අතර‚ එය අපරාධ ස්ථානයක් බවටද සැලකේ. එහෙයින් එම පරිශ්‍රය තුල රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය  විසින් තීරණය කර ඇත.

 එසේ හෙයින්, විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමටද‚ විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර ඇත.

එසේම‚ දැනට පවත්වා ගෙන යනු ලබන බන්ධනාගාර වල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුභසාදනය සලකමින් පවතින බන්ධනාගාර වලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇත.

 එබැවින්‚ මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තුරු, තාවකාලික පදනමින් "මහමෝදර" සහ "පැරණි බෝගම්බර" පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා  පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කොට ඇත.

FaLang translation system by Faboba

பதிப்புரிமை © 2026 நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சு.
அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026