දිවුරුම් දුන් භාෂා පරිවර්තක - දේශීය භාෂා

සුදුසුකම්
  • අධිකරණ අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයෙන් සමත් වීම.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පරිපාටිය
    • අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකළ යුතු අතර ඊට අදාල දිගුව (Link) තොරතුරු අවසානයේ දැක්වේ.
    • අයදුම්පත නිවැරදිව සම්පුර්ණ කළ යුතු අතර ඉදිරි දැනුවත් කිරීම් සඳහා ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හා දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කළ යුතුය.
    • විභාග ගාස්තු ගෙවීම් සම්බන්ධ ලදුපතේ මුල් පිටපත නිවැරදිව උඩුගත (Upload) කළ යුතුය.
    • ප්‍රශ්න පත්‍ර පහත පරිදි සකස් වන අතර එක් ප්‍රශ්න පත්‍රයකට වඩා මුහුණ දීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් අදාළ පරිදි මුදල් ගෙවා අයදුම් කළ යුතුය.

      සිංහල/ඉංග්‍රීසි
      සිංහල/දෙමළ
      දෙමළ /ඉංග්‍රීසි

  • වර්ෂය මුළුල්ලේ අයදුම්පත් භාර ගැනෙන අතර අගෝස්තු මස 31 දින හෝ ඊට පෙර යොමු කර ඇති අයදුම්පත් සඳහා එම වසරේදී විභාගය පැවැත්වේ.
  • විභාගය පවත්වනු ලබන දිනයට පෙර විභාග ප්‍රවේශ පත්‍ර අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
විභාග ගාස්තු
    • දේශීය භාෂා සඳහා විභාග ගාස්තු පහත පරිදි වේ.

      සිංහල/ඉංග්‍රීසි - රු. 1000.00
      සිංහල/දෙමළ - රු. 1000.00
      දෙමළ /ඉංග්‍රීසි - රු. 1000.00

  • විභාග ගාස්තුව ලේකම්, අධිකරණ අමාත්‍යාංශය නමින් මහජන බැංකුවේ නගර මධ්‍ය ශාඛාවේ පවත්නා 176 – 1 – 001 – 9 – 9025184 ගිණුම් අංකයට බැර කොට එම ලදුපතේ මුල් පිටපත නිවැරදිව උඩුගත (Upload) කළ යුතුය.
තෝරාගැනීම සහ පත්කිරීම සඳහා වූ ක්‍රියාපටිපාටිය
  • ඉහත විභාගය සමත් අපේක්ෂකයින් තමා පදිංචි ප්‍රදේශයෙහි දිසා අධිකරණ විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් ලෙස පත්කරනු ලැබේ.
  • සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් පත්වීම් ලැබීමට සුදුසුකම් ලබන බවට නිර්දේශ ඇතුළත් ලිපි එකී අපේක්ෂකයන් පදිංචි ප්‍රදේශයන් හී දිසා අධිකරණ විනිසුරුවරු වෙත යොමුකරන අතර එහි පිටපතක් අපේක්ෂකයා වෙතද යොමු කෙරේ.
  • එම පත්වීම් ලිපිය ලැබීමෙන් පසු, සුදුසුකම්ලත් සෑම අපේක්ෂකයෙකුම දිසා විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් දිනයක් ලබා ගතයුතුය.
  • දිසා අධිකරණයේ දිවුරුම් දුන් සෑම භාෂා පරිවර්තකයෙකුම, දිවුරුම් දීමෙන් පසු වහාම දිවුරුම හෝ සහතිකය සමඟ පත්වීම් ලිපියේ සහතික කළ පිටපතක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
මාර්ගගතව අයදුම් කරන්න

දිවුරුම් දුන් භාෂා පරිවර්තක - විදේශ භාෂා

සුදුසුකම්
  • අධිකරණ අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයක් හෝ සුදුසුකම් පරීක්ෂාවකින් සමත් වීම.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පරිපාටිය
  • අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකළ යුතුය.
  • ගූගල් පෝරමය (Google Form) නිවැරදිව සම්පුර්ණ කළ යුතු අතර ඉදිරි දැනුවත් කිරීම් සඳහා ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හා දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කළ යුතුය.
  • විභාග ගාස්තු සම්බන්ධව පසුව දැනුම් දෙනු ලැබේ.
  • වර්ෂය මුළුල්ලේ අයදුම්පත් භාර ගැනෙන අතර අගෝස්තු මස 31 දින හෝ ඊට පෙර යොමු කර ඇති අයදුම්පත් සඳහා සැප්තැම්බර් මාසයේදී විභාගය පැවැත්වේ.
  • විභාගය පවත්වනු ලබන දිනයට පෙර විභාග ප්‍රවේශ පත්‍ර අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
විභාග ගාස්තු
  • විභාග ගාස්තු සම්බන්ධව ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හරහා පමණක් දැනුම් දෙනු ලැබේ.
තෝරාගැනීම සහ පත්කිරීම සඳහා වූ ක්‍රියාපටිපාටිය
  • ඉහත විභාගය සමත් අපේක්ෂකයින් තමා පදිංචි ප්‍රදේශයෙහි දිසා අධිකරණ විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් ලෙස පත්කරනු ලැබේ.
  • සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් පත්වීම් ලැබීමට සුදුසුකම් ලබන බවට නිර්දේශ ඇතුළත් ලිපි එකී අපේක්ෂකයන් පදිංචි ප්‍රදේශයන් හී දිසා අධිකරණ විනිසුරුවරු වෙත යොමුකරන අතර එහි පිටපතක් අපේක්ෂකයා වෙතද යොමු කෙරේ.
  • එම පත්වීම් ලිපිය ලැබීමෙන් පසු, සුදුසුකම්ලත් සෑම අපේක්ෂකයෙකුම දිසා විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් දිනයක් ලබා ගත යුතුය.
  • දිසා අධිකරණයේ දිවුරුම් දුන් සෑම භාෂා පරිවර්තකයෙකුම, දිවුරුම් දීමෙන් හෝ සහතික කිරීමෙන් පසු වහාම දිවුරුම හෝ සහතිකය සමඟ පත්වීම් ලිපියේ සහතික කළ පිටපතක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
මාර්ගගතව අයදුම් කරන්න

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

දිවුරුම් දුන් භාෂා පරිවර්තක නාමාවලිය යාවත්කාලීන කිරීම හා අදාළ නිල මුද්‍රාව සකස් කිරීමට අදාළ උපදෙස්

  • දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාග සමත් වු ඔබ අදාළ බල ප්‍රදේශයේ දිසා අධිකරණයේ දිවුරුම් දී, ඒ පිළිබඳව අප අමාත්‍යාංශය දැනුවත් වු පසු, අමාත්‍යාංශයේ දිවුරුම් දුන් භාෂා පරිවර්තක නාමාවලියට ඔබගේ නම ඇතුළත් වේ.
  • එමෙන්ම‚ ඔබ විසින් ඉදිරියේදී පරිවර්තනය කරනු ලබන ලිපි ලේඛන සහතික කිරීමට අවශ්‍ය නිල මුද්‍රාව සැකසීමේදී පහත කරුණු සැළකිය යුතුය.
  • ඒ අනුව ඔබගේ නිල මුද්‍රාවේ‚
    (i) නම,
    (ii) තනතුර,
    (iii) ලියාපදිංචි අංකය,
    (iv) දිවුරුම් දුන් භාෂාවන්,
    (v) ලිපිනය හා,
    (vi) දුරකථන අංකය/ අංක ඇතුළත් කළ යුතුය.
  • තවද‚ ඔබගේ අත්සන ඇතුළත් පහත ලේඛනය අප අමාත්‍යාංශය වෙත යොමු කල යුතුය. (PDF)
අත්සන් පෝරමය

(සැළකිය : කරුණාකර ඔබගේ අත්සන සහ මුද්‍රාව ඇමිණීමට පෙර ඒවා ඔබගේ ජා.හැ.අ යොදා නැවත නම් කරන්න.)

Form in case of the Sworn Translators who have been appointed before 15.01.2022

Form in case the Sworn Translators who have been appointed after 15.01.2022

ආදර්ශ නිල මුද්‍රාව
sample-seal

විමසීම් විස්තර

වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර 0112 446 185 දුරකථන අංකයට අමතන්න.

List of Sworn Translators in Sri Lanka 

විශේෂ දැන්වීම්