මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.
පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.
අධිකරණ ඇමති පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මහර බන්ධනාගාරය පරිශ්‍රයේ අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
වත්මන් ආණ්ඩුව මේ රට තුල ලොකු වෙනසක් සිදු කර තිබෙනවා. විශේෂයෙන් දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා. පැරණි ක්‍රමය තුල නඩත්තු වුනු අය මේ ක්‍රමය වෙනස් කරනවාට කැමති නැහැ. අපිට ජනවරම තිබෙන්නේ වංචාව දුෂණය නැති කිරීමටයි. 1980 වර්ෂයේ සිට රජයටයි පාතාලයටයි නිල නොවන මට්ටමේ සම්බන්ධතාවයක් තිබුණා. පාතාලයෙන් ප්රතිලාභ ලබන පුද්ගලයින් විවිධ ක්ෂේත්රවල ඉන්න පුළුවන්. වෙනත් කිසිම රජයකින් අත්අඩංගුවට නොගත් මත්ද්‍රව්‍ය අපේ රජය යටතේ අත්අඩංගුවට ගන්නවා. පැවති ක්‍රමය වෙනස් කිරීම නිසාවෙන්ම බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් පසුගිය කාලය තුළ නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඇතැම්විට දුෂිත ක්‍රියාවන් සිදු කරන බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඔවුන් නිසා සියලු නිලධාරීන් සම්බන්ධයෙන් දුර්මතයක් සමාජ ගත වී තිබෙනවා. පසුගියදා මහර බන්ධනාගාරය තුළ ඇති වු සිද්ධිය තුළ කිසියම් සංවිධානාත්මක ස්වරූපයක් තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. වර්තමානය වන විට විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට විධිමත්ව කිසිවක් කරන්න බැහැ. ඒ නිසා විපක්ෂයට අර්බුදයක් නිර්මාණය කරන්න පුළුවන් එකම ස්ථානය බන්ධනාගාරයයි. වත්මන් රජය රාජ්‍ය සේවකයාට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. බන්ධනාගාර පද්ධතියට පහසුකම් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර තිබෙනවා. සියලුම බන්ධනාගාර සදහා ස්කෑන් යන්ත්‍ර ඉදිරි අය වැයෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය පසුගිය කාලය තුළ බරපතල ගැටළුවක් බවට පත්ව තිබුණා. එම ගැටළුව විසදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය බඳවා ගැනීම් සිදු කර තිබෙනවා. එහි නිලධාරීන් රාත්‍රි දහය පමණ වන තෙක් රාජකාරී කටයුතු සිදු කරමින් වාර්තා කඩිනම් කිරීමට කටයුතු කරනවා. අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරි මාස දෙක තුළ දැනට පවතින සියලු රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම අරමුණයි. බන්ධනාගාරගතව සිටින සියලු දෙනා අපරාධකරුවන් නොවෙයි. එක මොහොතකදී වු වරදකට වැරදිකරුවන් වෙලා තිබෙනවා.
ඒ අයට දෙවන අවස්ථාවක් ලබා දිය යුතුයි. බන්ධනාගාර කිහිපයක පසුගිය කාලය තුළ සිද්ධින් ඇති වුණා. ඒ සෑම අවස්ථාවකදීම පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහාය ලැබුණා. නමුත් යළිත් එවැනි තත්වයක් ඇති වුවහොත් සාර්ථකව මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි.
එවැනි යාන්ත්‍රණ මේ වන විට බන්ධනාගාර පහළොවක ස්ථාපිත කර තිබෙනවා. බන්ධනාගාර තුළ කිසියම් සිද්ධියක් ඇති වීමට පෙර එය හදුනා ගනිමින් ඊට විසදුම් ලබාදීමේ හැකියාව මේ යාන්ත්‍රණය තුළ තිබෙනවා.
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීම මෙම ඒකාබද්ධ යාන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ බවද අමාත්‍යතුමා සදහන් කළේය.
පසුගියදා මහර බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් රැඳවියන් විසින් ගිනි තබා විනාශ කරන ලද ප්‍රධාන ජේලර් කාර්යාලය, පුනරුත්ථාපන අංශය, ගෙතුම් අංශය, විවින් අංශය ඇතුළු ස්ථාන නිරීක්ෂණය කිරීමට අමාත්‍යතුමා එක් විය.
බන්ධනාගාර කටයුතු නිරීක්ෂණ කරමින් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන් හමු වු අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය වළක්වා වාර්තා කඩිනම් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඒ වෙනුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය බදවා ගැනීම් හා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. පසුගිය මාසය තුළ මහර බන්ධනාගාරයට අදාල රස පරීක්ෂක වාර්තා පන්සීයක් නිකුත් කර තිබෙනවා. බන්ධනාගාරයෙන් නිදහස් ගොස් නැවත මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ක්‍රියාවන් සිදු කරන්න එපා. සමාජයට යහපත් පුද්ගලයෙක් වන්න උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිනවා. මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට නම් කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ. ඔබ අපේ රටේ ශ්‍රම හමුදාවයි. මේ රටේ ඉදිරි ගමනට ශක්තිය ලබාදීම ඔබේ වගකීමක් ලෙස කල්පනා කළ යුතු බවද අමාත්‍යතුමා පැවසීය
මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති, නියෝජ්‍ය පොලිස්පති කාවිංග ජයසිංහ, ආරක්ෂ කලාප II භාර ස්ථාන භාර නිලධාරී කමාණ්ඩර් ජී. ඒ. පී. එස්. කේ. රණසිංහ, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ආසිරි වීරසේකර, මහර ප්‍රාදේශිය ලේකම් ලලිත් බණ්ඩාර යන මහත්වරුන් ගුවන් හමුදාව, නාවික හමුදාව, විදුලි බල මණ්ඩලය, ගිනි නීවිමේ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණ පිහිටුවීමේ සාකච්ඡාවට එක්ව සිටියහ.

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල තුළින් රැඳවියන්ගේ සුභසාධක කටයතු විධිමත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීම අනුරාධපුර බන්ධනාගාරයේ ද පිහිටුවයි.
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයේදී ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාරයේදී අද ( 26) පස්වරුවේ පැවැත්විණ.
හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යතුමා විසින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලදී.
ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන්ගේ අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණයක නිරත වූ අතර කාන්තා අංශය, මුළුතැන්ගෙය සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති ස්ථාන අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එළිමහන් සිරකඳවුරේ රැඳවියන් ආමන්ත්‍රණය කිරීම ද මෙහිදී සිදු විය.
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, අනුරාධපුර සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.යූ. සුභසිංහ, බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක, අනුරාධපුර ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී.සී.ඒ. ධනපාල යන මහත්ම මහත්මීන් ඇතුළු ජල සම්පාදන මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව, පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ වව්නියාව බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් වවිනියාව බන්ධනාගාරයේදී අද ( 26) පෙරවරුවේ පැවැත්විණ.
හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යතුමා විසින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලදී.
ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමා වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන්ගේ අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණයක නිරත වූ අතර කාන්තා අංශය සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති ස්ථාන අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී රස පරීක්ෂක වාර්ථා ප්‍රමාදය නිසා බන්ධනාගාර ගත රැඳවියන් වෙත දන්වා සිටියේ ඉදිරි මාස තුනක් පමණ ඇතුලත රස පරීක්ෂක වාර්ථා ප්‍රමාද වීමේ ගැටළුව සඳහා පිළියම් ලබා දෙන බවයි.
වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර, වව්නියාව සහකාර බන්ධනාගාර අධිකාරී අසිත ගුණතිලක, වවිනියාව ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒච්.ඒ.කේ. ඉන්දික හපුගොඩ යන මහත්වරුන් ඇතුළු ජල සම්පාදන මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව, පොලීසිය, යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දිට්වා හදිසි ආපදා තත්වයන්ට මුහුණ දුන් පවුල් සදහා නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබාදෙමින් යුද සමයේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයින් 18 දෙනෙකුට සහ අතුරුදහන් වු පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50 ක මුදලක් සහ අක්කර භාගයක ඉඩමක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව එම පවුල්වලට නිවාස ඉදි කර ගැනීමට අවශ්‍ය රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක මුදලින් මුලික අදියර යටතේ මුදල් ලබාදීමට අදාළ චෙක්පත් පිරිනැමීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පරන්තන් නගරය, පරන්තන් ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී අද (25) පෙරවරුවේ සිදු විය. ඒ වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙම අදහස් පළ කරන ලදී.
එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් දරුවන් අද වන විට වැඩිහිටියන් බවට පත් වෙලා. ඒ අය හමුවීමට ලැබීම පිළිබදව සතුටු වෙනවා. යුද්ධයේ ජයග්‍රාහකයෙක් නැහැ. දෙපාර්ශ්වයම පරාජයට පත් වෙනවා. යුද්ධයෙන් ඉතිරි වන්නේ කණගාටුදායක කටුක අත්දැකීම් පමණයි. යුද්ධයෙන් විනාශ වු ගොඩනැගිලි ඉදි කිරීමට වඩා වැඩි කාලයක් ඒ හේතුවෙන් කැඩි බිදී ගිය සිත් හදන්න යනවා. ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි. මීට වසර දෙකකට පෙර උතුරේ ජනතාව අපේ රජයට මිත්‍රත්වයේ දෑත් දිගු කළා. අපිට උතුර දකුණ යනුවෙන් භේදයක් නැහැ. අතුරුදහන් වු පවුල් වෙනුවෙන් අවශ්‍ය සාධාරණට ඉටු කිරීමට මෙන්ම අතුරුදන් අය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීමට වත්මන් රජය කැපවී කටයුතු කරනවා. සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් අයගේ පවුල් 18 කට සහ අතුරුදහන් වු තැනැත්තන්ගේ පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට අක්කර භාගයක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙනවා. ඔබට ඇතිවන ගැටළුවලදී සෑම අවස්ථාවකම වත්මන් රජය සිටිනවා. උතුරේ ජනතාවට මිත්‍රශීලි වෙනත් රජයක් මීට තිබුණේ නැහැ. ජනතාවගේ ජීවන තත්වය උසස් කරමින් වත්මන් රජයේ රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට රාජ්‍ය සේවකයින් ලබා දෙන සහාය අගය කරන බවද අමාත්‍යතුමා සදහන් කරන ලදී.
නිවාස ආධාර ලබාදුන් පවුල් විසි එකෙහි ජනතාවට අක්කර භාගයක ඉඩමෙහි වගා කිරීම සදහා අවශ්‍ය පොල් පැල සංකේතාත්මකව බෙදාදීමද මෙහිදී සිදු විය.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. ඉලන්කුමරන්, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කරන ලදී.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කළ "වඩා යහපත් නීති සම්පාදනය සඳහා වඩා යහපත් මෙවලම්" (Better Tools for Better Lawmaking) තේමාව යටතේ පැවැති විශේෂ වැඩමුළුවක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේදී (LDD) ඊයේ (22) පැවැත්විණි.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුවේදී, නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීමේ දැක්ම සහ වැඩපිළිවෙල ඉදිරිපත් කරන ලදී. මෙහි පළමු පියවර ලෙස යෝජිත අතථ්‍ය වත්කම් සේවා සපයන්නන්ගේ (VASP) පනත් කෙටුම්පත සඳහා මෙම AI තාක්ෂණය භාවිත කිරීමට යෝජනා වී ඇත.
මීට සමගාමීව, AI තාක්ෂණය ඔස්සේ කෙටුම්පත් කිරීම, තහවුරු කිරීම සහ ත්‍රිභාෂා නිෂ්පාදන මෙවලම් භාවිතයේ ප්‍රායෝගික හැකියාවන් පෙන්වා දෙමින් GovTech ශ්‍රී ලංකා ආයතනයේ නීති උපදේශක ත්රිනේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු ඉෂාන් රසීන් සහ චින්තනී ඈපාආරච්චි යන මහත්ම මහත්මීන් විසින් දැනුම හුවමාරු කර ගැනීමේ සැසියක් මෙහෙයවන ලදී. එමෙන්ම එහිදී දත්ත සූදානම, ආරක්ෂණ ක්‍රමවේද සහ නියමු ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණින.
මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය , ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර, යන මහත්ම මහත්මීන් ඇතුළු නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

- බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන නිලධාරීන් සමග සාච්ඡාවක්
- කළුතර බන්ධනාගාරයේ අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවක්
- ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ (දකුණු කොරියාව) තානාපතිනිය සහ අධිකරණ ඇමති අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී
- 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.







