Minister of Justice and National Integration, Attorney-at-Law Hon. Harshana Nanayakkara stated that building a disciplined, ethical, and law-abiding future generation through historical educational institutions is paramount, and the government remains fully committed to uplifting educational infrastructure to support this cause.
The Minister made these remarks while addressing the 150th-anniversary celebration of Prince of Wales’ College and Princess of Wales’ College in Moratuwa on September 14, 2026.
Founded in 1876 under the vision of philanthropist Sir Charles Henry de Soysa, the twin institutions have produced prominent legal luminaries—including former Chief Justices of Sri Lanka—alongside diplomats, engineers, and national leaders over their 150-year legacy.
Highlighting the legal and institutional impact of the schools, Justice Minister Harshana Nanayakkara remarked,
"These institutions have produced stalwarts who have served our legal system and judicial framework with utmost integrity. Remembering that legacy here today, among current and former legal minds, is a privilege. The motto of this college reminds us that true progress takes place step-by-step through consistent effort rather than sudden leaps. The foundation of a just and law-abiding society is built within such disciplined educational environments."
Prime Minister and Minister of Education, Dr. Harini Amarasuriya, who attended as the Chief Guest, reiterated the government’s commitment to educational reforms,
"Our goal as a government is to invest in human resource development and create a learning environment that nurtures future leaders capable of driving qualitative social change."
To mark this historic milestone, a commemorative stamp, first-day cover, and souvenir volume were officially presented during the ceremony.
The event was attended by the British High Commissioner to Sri Lanka, H.E. Andrew Patrick, Principal of Prince of Wales’ College Captain Wasantha Kumara Waduge, Principal of Princess of Wales’ College Mrs. Thilini Wijeweera, alongside senior Ministry officials, alumni, educators, and students.

ජාතීන් අතර සුහදත්වය වැඩි දියුණු කර ගනිමින් එකිනෙකාගේ ජාතික ආගමික සංස්කෘතීන්ට ගරු කිරීමේ හා ද්වී භාෂා හැකියාවෙන් යුතු තරුණ පිරිසක් බිහි කිරීමේ අමුණින් යුතුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය විසින් ක්රියාත්මක කරනු ලබන භාෂා පාලම තරුණ හුවමාරු වැඩසටහනෙහි තවත් අදියරක සමාරම්භක උත්සවය ඊයේ ( 07) පස්වරුවේ මොරටුව ප්රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ කින්නියා ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් 20 දෙනෙකු සහ කොළඹ දිස්ත්රික්කයේ මොරටුව ප්රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ජීවත්වන තරුණ තරුණියන් 20 දෙනෙකු අද ආරම්භ වු භාෂා පාලම වැඩසටහනට සම්බන්ධ කර ගෙන තිබු අතර, ඒ අනුව කින්නියා ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් සැප්තැම්බර් මස 07 වන දින සිට දින හතරක් මොරටුව ප්රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ජීවත්වන තරුණ තරුණියන්ගේ නිවෙස්වල නවාතැන් ගනිමින් ඔවුනොවුන්ගේ සංස්කෘතීන් හා භාෂා හුවමාරු කර ගැනීමට නියමිතය.
එම දින හතර තුළ කින්නියා ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් මොරටුව ප්රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි පෞරාණික, ආගමික හා ස්වභාව සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට ද එක්වීමට ද නියමිතව තිබේ.
ඊට අමතරව මෙම ප්රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකෙහිම තරුණ තරුණියන්ට අද (08) දිනය තුළ ශ්රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා හමුවීමට ද අවස්ථාව ලබාදී ඇත.
මොරටුව සහ කින්නියා ප්රාදේශිය ලේකම් කොට්ඨාශ අතර භාෂා පාලම වැඩ සටහන ක්රියාත්මක කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාවට මොරටුව ප්රාදේශිය ලේකම් සමන් ප්රසන්න කිරිවත්තුඩුව, කොළඹ දිස්ත්රික් ජාතික ඒකාබද්ධතා නිලධාරී රෝහිණි දසනායක, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ පරිපාලන නිලධාරී ඒ. ඒ. එස් .නදිමියා යන මහත්ම මහත්මීන් ඇතුළු කින්නියා සහ මොරටුව ප්රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකෙහි තරුණ තරුණියක් එක්ව සිටියහ.

රුපියල් මිලියන 144 ක මුදලක් වැය කරමින් ඉදි කරන ලද නිකවැරටිය දිසා අධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් අද (03) පෙරවරුවේ සිදු විය.
මෙතෙක් ඒකාබද්ධව පැවති මහෙස්ත්රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ කටයුතු වෙන් වෙන්ව සිදු කර ගෙනයාමේ පහසුකම නව ගොඩනැගිල්ල ඉදි කිරීම තුළින් ලැබෙන අතර, අධිකරණ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්ය මුලික පහසුකම්, කාර්යාල අවකාශ, විනිසුරුවරුන්ට සහ අධිකරණ කාර්ය මණ්ඩලයට සුදුසු සේවා පරිසරයක් සහ මහජනතාවට පහසු ප්රවේශයකින් යුක්තව අධිකරණ ගොඩනැගිල්ල ඉදි කර තිබේ.
නිකවැරටිය දිසා මහෙස්ත්රාත් ජී.කේ.එස්.කේ.සමරතුංග මහත්මිය උත්සවයේ පිළි ගැනීමේ කථාව සිදු කළ අතර, නිකවැරටිය අධිකරණ නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ ආර්. බී. හේරත් මහතා ස්තූති කථාව සිදු කරන ලදී.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල, කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී නීතිඥ ගීතා හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ අතිරේක ලේකම් (පාලන) සමන්ත විජයසිංහ, නිකවැරටිය ප්රාදේශිය සභාවේ සභාපති නිලන්ත බණ්ඩාර, නිකවැරටිය ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. පී. කේ.ගාල්ලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ නිලධාරීන්, නීතිඥ මහත්ම මහත්මීන්, නිකවැරටිය අධිකරණ කාර්ය මණ්ඩලය, පොලිස් නිලධාරීන්, රාජ්ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මත්ද්රව්ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.
පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.
අධිකරණ ඇමති පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්රියාත්මක වැඩපිළිවෙළ යටතේ මහර බන්ධනාගාරය පරිශ්රයේ අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්යතුමා මෙසේ සදහන් කළේය.
වත්මන් ආණ්ඩුව මේ රට තුල ලොකු වෙනසක් සිදු කර තිබෙනවා. විශේෂයෙන් දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා. පැරණි ක්රමය තුල නඩත්තු වුනු අය මේ ක්රමය වෙනස් කරනවාට කැමති නැහැ. අපිට ජනවරම තිබෙන්නේ වංචාව දුෂණය නැති කිරීමටයි. 1980 වර්ෂයේ සිට රජයටයි පාතාලයටයි නිල නොවන මට්ටමේ සම්බන්ධතාවයක් තිබුණා. පාතාලයෙන් ප්රතිලාභ ලබන පුද්ගලයින් විවිධ ක්ෂේත්රවල ඉන්න පුළුවන්. වෙනත් කිසිම රජයකින් අත්අඩංගුවට නොගත් මත්ද්රව්ය අපේ රජය යටතේ අත්අඩංගුවට ගන්නවා. පැවති ක්රමය වෙනස් කිරීම නිසාවෙන්ම බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් පසුගිය කාලය තුළ නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඇතැම්විට දුෂිත ක්රියාවන් සිදු කරන බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඔවුන් නිසා සියලු නිලධාරීන් සම්බන්ධයෙන් දුර්මතයක් සමාජ ගත වී තිබෙනවා. පසුගියදා මහර බන්ධනාගාරය තුළ ඇති වු සිද්ධිය තුළ කිසියම් සංවිධානාත්මක ස්වරූපයක් තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක වෙනවා. වර්තමානය වන විට විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට විධිමත්ව කිසිවක් කරන්න බැහැ. ඒ නිසා විපක්ෂයට අර්බුදයක් නිර්මාණය කරන්න පුළුවන් එකම ස්ථානය බන්ධනාගාරයයි. වත්මන් රජය රාජ්ය සේවකයාට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. බන්ධනාගාර පද්ධතියට පහසුකම් ලබාදීමට අවශ්ය ප්රතිපාදන ලබාදීමට කටයුතු කර තිබෙනවා. සියලුම බන්ධනාගාර සදහා ස්කෑන් යන්ත්ර ඉදිරි අය වැයෙන් ලබාදීමට අවශ්ය පියවර ගන්නවා.
රස පරීක්ෂක වාර්තා ප්රමාදය පසුගිය කාලය තුළ බරපතල ගැටළුවක් බවට පත්ව තිබුණා. එම ගැටළුව විසදීමට අවශ්ය පියවර ගෙන තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්ය බඳවා ගැනීම් සිදු කර තිබෙනවා. එහි නිලධාරීන් රාත්රි දහය පමණ වන තෙක් රාජකාරී කටයුතු සිදු කරමින් වාර්තා කඩිනම් කිරීමට කටයුතු කරනවා. අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරි මාස දෙක තුළ දැනට පවතින සියලු රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම අරමුණයි. බන්ධනාගාරගතව සිටින සියලු දෙනා අපරාධකරුවන් නොවෙයි. එක මොහොතකදී වු වරදකට වැරදිකරුවන් වෙලා තිබෙනවා.
ඒ අයට දෙවන අවස්ථාවක් ලබා දිය යුතුයි. බන්ධනාගාර කිහිපයක පසුගිය කාලය තුළ සිද්ධින් ඇති වුණා. ඒ සෑම අවස්ථාවකදීම පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ත්රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහාය ලැබුණා. නමුත් යළිත් එවැනි තත්වයක් ඇති වුවහොත් සාර්ථකව මුහුණ දීමට ශක්තිමත් යාන්ත්රණයක් අවශ්යයි.
එවැනි යාන්ත්රණ මේ වන විට බන්ධනාගාර පහළොවක ස්ථාපිත කර තිබෙනවා. බන්ධනාගාර තුළ කිසියම් සිද්ධියක් ඇති වීමට පෙර එය හදුනා ගනිමින් ඊට විසදුම් ලබාදීමේ හැකියාව මේ යාන්ත්රණය තුළ තිබෙනවා.
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් හදිසි ප්රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීම මෙම ඒකාබද්ධ යාන්ත්රණයේ ප්රධාන අරමුණ බවද අමාත්යතුමා සදහන් කළේය.
පසුගියදා මහර බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් රැඳවියන් විසින් ගිනි තබා විනාශ කරන ලද ප්රධාන ජේලර් කාර්යාලය, පුනරුත්ථාපන අංශය, ගෙතුම් අංශය, විවින් අංශය ඇතුළු ස්ථාන නිරීක්ෂණය කිරීමට අමාත්යතුමා එක් විය.
බන්ධනාගාර කටයුතු නිරීක්ෂණ කරමින් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන් හමු වු අමාත්යතුමා මෙසේ සඳහන් කළේය.
රස පරීක්ෂක වාර්තා ප්රමාදය වළක්වා වාර්තා කඩිනම් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඒ වෙනුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්ය බදවා ගැනීම් හා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. පසුගිය මාසය තුළ මහර බන්ධනාගාරයට අදාල රස පරීක්ෂක වාර්තා පන්සීයක් නිකුත් කර තිබෙනවා. බන්ධනාගාරයෙන් නිදහස් ගොස් නැවත මත්ද්රව්ය සම්බන්ධ වැරදි ක්රියාවන් සිදු කරන්න එපා. සමාජයට යහපත් පුද්ගලයෙක් වන්න උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිනවා. මත්ද්රව්ය විකුණන පුද්ගලයින්ට නම් කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ. ඔබ අපේ රටේ ශ්රම හමුදාවයි. මේ රටේ ඉදිරි ගමනට ශක්තිය ලබාදීම ඔබේ වගකීමක් ලෙස කල්පනා කළ යුතු බවද අමාත්යතුමා පැවසීය
මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති, නියෝජ්ය පොලිස්පති කාවිංග ජයසිංහ, ආරක්ෂ කලාප II භාර ස්ථාන භාර නිලධාරී කමාණ්ඩර් ජී. ඒ. පී. එස්. කේ. රණසිංහ, ගම්පහ අතිරේක දිස්ත්රික් ලේකම් ආසිරි වීරසේකර, මහර ප්රාදේශිය ලේකම් ලලිත් බණ්ඩාර යන මහත්වරුන් ගුවන් හමුදාව, නාවික හමුදාව, විදුලි බල මණ්ඩලය, ගිනි නීවිමේ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්රණ පිහිටුවීමේ සාකච්ඡාවට එක්ව සිටියහ.

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල තුළින් රැඳවියන්ගේ සුභසාධක කටයතු විධිමත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ඒකාබද්ධ යාන්ත්රණයක් පිහිටුවීම අනුරාධපුර බන්ධනාගාරයේ ද පිහිටුවයි.
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්රියාත්මක වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීම අනුරාධපුර බන්ධනාගාර පරිශ්රයේදී ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් බන්ධනාගාරයේදී අද ( 26) පස්වරුවේ පැවැත්විණ.
හදිසි අවස්ථාවකදී ප්රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්රණයක් දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් අධිකරණ අමාත්යතුමා විසින් රාජ්ය නිලධාරීන් දැනුවත් කරන ලදී.
ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්යතුමා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන්ගේ අවශ්යතා සොයා බැලීමේ නිරීක්ෂණයක නිරත වූ අතර කාන්තා අංශය, මුළුතැන්ගෙය සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති ස්ථාන අමාත්යතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එළිමහන් සිරකඳවුරේ රැඳවියන් ආමන්ත්රණය කිරීම ද මෙහිදී සිදු විය.
අනුරාධපුර අතිරේක දිස්ත්රික් ලේකම් සන්ධ්යා අබේසේකර, අනුරාධපුර සහකාර ප්රාදේශීය ලේකම් එස්.යූ. සුභසිංහ, බන්ධනාගාර අධිකාරී ප්රසාද් ප්රේමතිලක, අනුරාධපුර ප්රදේශය භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති පී.සී.ඒ. ධනපාල යන මහත්ම මහත්මීන් ඇතුළු ජල සම්පාදන මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව, පොලීසිය, සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල වව්නියාව බන්ධනාගාරයේ ද පිහිටුවයි.
- දිට්වා හදිසි ආපදා තත්වයන්ට මුහුණ දුන් පවුල් සදහා නිවාස ලබාදීමේ වැඩසටහන
- කෘත්රිම බුද්ධිය (AI) ඔස්සේ නීති කෙටුම්පත් කිරීම පිළිබඳ විශේෂ වැඩමුළුවක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේදී.
- බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් රාජ්ය ආයතන නිලධාරීන් සමග සාච්ඡාවක්







