Accessibility Tools

moj logo

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ වව්නියාව බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් වවිනියාව බන්ධනාගාරයේදී  අද ( 26) පෙරවරුවේ පැවැත්විණ.

 හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යතුමා විසින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලදී.

 ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමා වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන්ගේ අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණයක  නිරත වූ අතර කාන්තා අංශය සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති ස්ථාන අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී රස පරීක්ෂක වාර්ථා ප්‍රමාදය නිසා බන්ධනාගාර ගත රැඳවියන් වෙත දන්වා සිටියේ ඉදිරි මාස තුනක් පමණ ඇතුලත රස පරීක්ෂක වාර්ථා ප්‍රමාද වීමේ ගැටළුව සඳහා පිළියම් ලබා දෙන බවයි.

 වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර, වව්නියාව සහකාර බන්ධනාගාර අධිකාරී අසිත ගුණතිලක, වවිනියාව ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒච්.ඒ.කේ. ඉන්දික හපුගොඩ යන මහත්වරුන් ඇතුළු ජල සම්පාදන මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව, පොලීසිය, යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

FaLang translation system by Faboba

Copyright © 2026 Ministry of Justice and National Integration. All Rights Reserved.
Designed & Developed by Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026