බන්ධනාගාරගත රැඳවියන්ගේ සුභ සාධන කටයුතු තවදුරටත් විධිමත් කිරීම සහ බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් රාජ්ය ආයතන අතර සම්බන්ධිකරණයක් ඇති කිරීම සදහා ඒකාබද්ධ යාන්ත්රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය තුළ එම යාන්ත්රණය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ ( 01) පස්වරුවේ සිදු විය.
බන්ධනාගාරය තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සහ බන්ධනාගාර ගැටුම් ඇතිවීමට ප්රධාන හේතුවක් වන රැඳවියන්ගේ සුභ සාධන පහසුකම් තවදුරටත් විධිමත් කිරීම, රාජ්ය ආයනවල මැදිහත්වීමෙන් රැඳවියන්ගේ පවුල්වල අවශ්යතා ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්යතුමා විසින් නිලධාරීන් දැනුවත් කළ අතර, කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඩකඩ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු විය.
මේ අතර කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමටද අධිකරණ අමාත්යතුමා සහභාගි විය.
විශේෂයෙන් රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට රජය විසින් ගෙන ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමාත්යතුමා විසින් රැඳවියන් දැනුවත් කරන ලදී.
කෑගල්ල දිස්ත්රික් ලේකම් කේ.ජී.එස්.නිශාන්ත, කෑගල්ල ප්රාදේශිය ලේකම් ප්රියංගනී පෙත්තන්ගොඩ, කෑගල්ල ප්රදේශය භාර නියෝජ්ය පොලිස්පති දිනේෂ් කරුණානායක, මේජර් ජනරාල් ආර්.පී.එස්.පී. රන්දුනු, කෑගල්ල සහකාර බන්ධනාගාර වජිර එදිරිසිංහ යන මහත්ම මහත්මීන් සහ විදුලි බල මණ්ඩලය, ගිනි නිවීම් ඒකකය, ජාතික ජල සම්පාදන හා ජලා ප්රවාහන මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“Old Politics Used Differences to Divide People. Our Challenge Is to Use Those Differences to Build a Country Where People Understand One Another”
“In Recent Elections, People Rejected the Old Political Ideology of Consolidating Power by Creating Divisions Based on Race, Religion and Language”
– Minister of Justice and National Integration says
Minister of Justice and National Integration, Attorney-at-Law Harshana Nanayakkara, made these remarks while participating in an event organised by the Department of Official Languages to mark International Translation Day 2026, held this morning (30) at the premises of the Department of Official Languages.
Speaking further, the Minister of Justice and National Integration stated,
“Today, we have gathered not merely to commemorate another international day. We are speaking today about a very important profession that builds communication among people, creates bridges between cultures and, ultimately, helps bind a country together. That profession is translation.
A translator can simply be described as a person who transfers a word from one language to another. However, a translator performs a much greater task than that. Translators do not merely carry words from one person to another; they convey ideas, experiences and cultures. In some instances, they enable a person’s rights, sorrow, happiness or hopes to be accurately heard and understood by another person.
In many instances throughout our country’s recent history, politics has used this diversity not to bring people together, but to divide them.
We have witnessed instances where race, religion and language, instead of simply being aspects of people’s identity, have been turned into tools for gaining political power. We have witnessed a form of politics that created divisions between ‘us’ and ‘them’ in order to strengthen political support.
However, in the recent elections, the people of Sri Lanka have made a very important decision. They did not merely reject several political leaders; they also rejected the old political ideology of consolidating power by creating divisions based on race, religion and language.
We must understand this mandate carefully. The message from the people is: ‘I need my identity. My religion is important to me. My language is important to me. But none of these should make another person my enemy.’
Therefore, our country needs a new political culture—a politics that is not based on racism or religious divisions and that respects different cultures. Our objective is not to erase the differences among people, but to build a country where people can live together despite their differences. Language has an extremely important role to play in this journey.
We often say that public services must be brought closer to the people. However, public services do not become closer to the people merely by taking an office to a village. The State must communicate with people in a language they understand.
A farmer should be able to understand documents relating to his or her land. A citizen who goes to the police should be able to make a complaint in his or her own language. A mother who goes to a hospital should be able to understand the medical advice given regarding her sick child. An ordinary citizen who visits a government office should have the ability to obtain the required service in his or her own language.
The translator removes the communication barrier between the State and the citizen. Therefore, I do not view the programmes introduced by the Department of Official Languages during the past year as separate projects. When considered together, they reflect a single vision—the vision of bringing the State closer to the people through language.
One of the important programmes initiated during the past year under this vision is ‘Language for Religious Harmony.’
Of the 25 approved translator positions at the Department of Official Languages, 17 had remained vacant for a long period. Recruitment had not taken place since 2019.
In particular, I do not view these 17 appointments merely as the filling of 17 vacancies. I see them as the opening of 17 new doors for citizens who may otherwise become distanced from the State due to language barriers.
The politics of our country is changing. Old politics used differences to divide people. Our challenge is to use those differences to build a country where people understand one another.
In that journey, the role of the translator is by no means a minor one. You do not merely translate words. You help the State communicate with the people, bring the voice of the people to the State, and build bridges between cultures.”
The Minister also presented letters of appointment to 17 newly recruited translators to the Department of Official Languages. In addition, three translators were honoured for carrying out translation assignments entrusted to them by the Department of Official Languages. Prizes and certificates were also presented to university students who participated in a competition conducted among students following special degree programmes in Translation Studies.
The keynote address for International Translation Day was delivered by veteran translator Mr. Gamini Viyangoda.
The Commissioner General of Official Languages, Mr. Tilak Nandana Hettiarachchi, and Additional Secretary to the Ministry of Justice and National Integration, Mr. Samantha Wijesinghe, also addressed the occasion.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ බ්රසීල පෙඩරල් ජන රජයේ නව ශ්රී ලංකා තානාපති Jorge Geraldo Kadri මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ අධිකරණ අමාත්යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින මිත්රත්වය, ද්වි පාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ව්යාපාරික සහ අපනයන කටයුතු ශක්තිමත් කිරීම, යහපාලනය, ගැටළු සඳහා ද්වි පාර්ශවිකව විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් තානාපතිවරයා අදහස් පළ කළේය.
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්යාප්ත වැඩසටහන තුළින් සාම්ප්රදායික නඩු ගොනු මත පදනම් වූ අධිකරණ ක්රියාවලිය වෙනුවට නවීන, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ අධිකරණ පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට ගෙන ඇති පියවර සහ නව නීති ප්රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අමාත්යතුමා විසින් තානාපතිවරයා දැනුවත් කරන ලදී.

අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්රියාත්මක වන “e-Courts” ව්යාපෘතිය යටතේ ක්රියාත්මක කෙරෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්යාප්ත වැඩසටහන යටතේ සියලු දිසා අධිකරණවල විභාගවන නඩු සදහා ගැලපෙන පරිදි විද්යුත් ගොනු කිරීමේ පද්ධති හදුන්වාදීමට පියවර ගෙන ඇති අතර, ඒ යටතේ එම පහසුකම පළමු වරට හදුන්වාදුන් කොළඹ 07, අතිරේක දිසා අධිකරණ, සුළු හිම්කම් අධිකරණයේ නඩු ගොනු කිරීමේ පද්ධතිය ගරු අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේන මහතා විසින් ඊයේ (23) පස්වරුවේ නිරීක්ෂණය කරන ලදී.
ශ්රී ලංකාවේ අධිකරණය ක්ෂේත්රය තුළ ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ දිසා අධිකරණය වෙත විද්යුත් නඩු ගොනු කිරීමේ (e-Filing) පහසුකම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්රියාත්මක වන “e-Courts” ව්යාපෘතිය යටතේ ක්රියාත්මක කෙරෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ මෙම දීපව්යාප්ත වැඩසටහන, සාම්ප්රදායික නඩු ගොනු මත පදනම් වූ අධිකරණ ක්රියාවලිය නවීන, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ පද්ධතියක් බවට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් වේ.
එහි එක් පියවරක් වශයෙන් , සියලු දිසා අධිකරණයන්හි විභාග වන සියලුම නඩු සඳහා ගැලෙපන පරිදි මෙම විද්යුත් ගොනු කිරීමේ පද්ධතිය සංවර්ධනය කර ඇති අතර, කොළඹ දිසා අධිකරණයේ සුළු හිමිකම් නඩු සඳහා මුල් වරට මෙම පහසුකම හඳුන්වා දී ඇත. ඉදිරියේදී අනෙකුත් සියලු නඩු වර්ග අධිකරණ සඳහාද, කොළඹින් පිටත පිහිටි අධිකරණ වෙතද මෙම පහසුකම අදියරෙන් අදියර කඩිනමින් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ඩිජිටල්කරණ පද්ධතීන් ගරු අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතාගේ සෘජු මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ සංවර්ධනය කර ඇති අතර, පද්ධතියේ තාක්ෂණික සංවර්ධන කටයුතු ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් සිදු කර ඇත.
කොළඹ සුළු හිමිකම් අධිකරණයට අදාල විද්යුත් නඩු ගොනු කිරීමේ කටයුතුවල ආරම්භය සනිටුහන් කරමින් කොළඹ දිසා අධිකරණයේ ද, ජ්යෙෂ්ඨ උපදේශන නීතිඥ ගුණවර්ධන මහත්මිය විසින් සුළු හිමිකම් අධිකරණය වෙත ප්රථම විද්යුත් නඩු ගොනුව ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, ගරු ශ්රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි සියළු නීතිඥවරුන්ට, කොළඹ දිසා අධිකරණයේ වෙබ් අඩවිය හරහා තම පරිශීලක ගිණුමට ප්රවේශ වී මෙම පහසුකම භාවිත කළ හැකිය. කොළඹ දිසා අධිකරණයේ වෙබ් අඩවිය https://colombo.districtcourt.lk/ ඔස්සේ ප්රවේශ විය හැකිය.
නව පද්ධතිය මඟින් නීතිඥවරුන්ට සහ නඩු පාර්ශ්වකරුවන්ට අධිකරණ ලේඛන විද්යුත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන අතර, පැය 24 පුරා නඩු හා ඒවාට අදාල අනෙකුත් ලේඛන ගොනු කිරීමේ පහසුකමද ඒ තුළින් සලසා ඇත. ඒ අනුව, ලේඛන ගොනු කිරීමේ කාර්යය සඳහා පමණක් අධිකරණය වෙත භෞතිකව පැමිණීමේ අවශ්යතාව අවම වන අතර, කඩදාසි භාවිතය සහ ඒ හා සම්බන්ධ වියදම් සැලකිය යුතු ලෙස අඩු කිරීම, භෞතික නඩු වාර්තා ගබඩා කිරීම සඳහා අවශ්ය ඉඩකඩ අවම කිරීම සහ අධිකරණ ක්රියාවලියේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ නඩු පිළිබඳ තොරතුරු ලබාදීමේ හැනියාව වැඩිදියුණු කිරීම මෙම පද්ධතිය මඟින් අපේක්ෂා කෙරේ.
මෙම e- courts ව්යාපෘතිය යටතේ අධිකරණ කටයුතු තාක්ෂණිකව තවදුරටත් නවීකරණය කිරීමේ පියවරක් ලෙස අධිකරණ කටයුතු වාර්තා කිරීම සඳහා හඬ මඟින් යතුරු ලියනය කිරීමේ පහසුකම්ද (Voice typing) කඩිනමින් හඳුන්වා දීමට නියමිත අතර, නඩු කටයුතුවල සහතික පිටපත් මාර්ගගතව නිකුත් කිරීම ඇතුළු පහසුකම් රාශියක් එක් එක් අධිකරණයන් වෙත ලබාදෙන වෙබ් අඩවි හරහා ලබාදීමට කටයුතු කර ඇත.
මෙම වැඩසටහන සඳහා නීතිඥ ප්රජාවේ කැපවීම හා සහයෝගය පිළිඹිබු කරමින් ජ්යෙෂ්ඨ උපදේශන නීතිඥවරුන් විසින් කොළඹ දිසා අධිකරණය වෙත පරිගණක යන්ත්ර 15 ක් ලබා දීමෙන් ද සිය සහයෝගය පළ කර ඇති අතර, එමඟින් මෙම ඩිජිටල්කරණ වැඩසටහනේ වැදගත්කම මෙන්ම අනාගතයේදී නීතිඥ ප්රජාවට සහ පොදු මහජනතාවට මෙමගින් සැලසිය හැකි ප්රතිලාභද අවධාරණය කර ඇත.
මෙම ඩිජිටල්කරණ ව්යාපෘතිය යටතේ සෑම අධිකරණයක් වෙතම වෙන් වූ එම අධිකරණයේ නඩු කටයුතු පිළිබඳ තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවියක්, නඩු ගොනු කළමනාකරණ පද්ධතියක් හා විද්යුත් නඩු ගොනු කිරීමේ පහසුකම් මෙම වසර තුළ දී ලබාදීමට සැලසුම් කර ඇත.
ගරු අගවිනිසුරුවරයා අද දින කොළඹ සුළු හිමිකම් අධිකරණයේ ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මෙම විද්යුත් නඩු ගොනු කිරීමට අදාළ කටයුතු නිරීක්ෂණය කරන ලද අතර, මෙම අවස්ථාවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම්වරයා හා අනෙකුත් නිලධාරීන් ද, කොළඹ දිසා අධිකරණ ගරු විනිසුරුවරුන් ද සහභාගී විය.
කොළඹ සුළු හිමිකම් අධිකරණයේ විද්යුත් පහසුකම් වෙනුවෙන් පරිගණක ලබාදීම ද අගවිනිසුරුතුමාගේ ප්රධානත්වයෙන් සිදු විය.
- ජ්යෙෂ්ඨ නීති උපදේශක ශිරන්ති ගුණවර්ධන
- ජ්යෙෂ්ඨ නීති උපදේශක අනෝමා ගුණතිලක
යන මහත්මීන් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්යාප්ත වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කරන ලදී

- හිටපු එකම ආණ්ඩුවකටවත් නඩු ඉක්මනට අවසන් කිරීමේ උවමනාවක් තිබුණේ නැහැ.
- මේ සංශෝධන ගේන්නේ ඒකාධිපති වෙන්නවත්, මර්දනය කරන්නවත් නෙමෙයි. ඉක්මනට නඩු අහලා මිනිස්සුන්ට යුක්තිය, සාධාරණය ඉෂ්ට කරන්න.
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (24) පෙරවරුවේ මෙම අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ......
අපේ රජය පත්වෙලා වසර දෙකක් ගතවෙන මේ මොහොතේදී ජනතාවට අපි නැවත නැවත මතක් කරන්න අවශ්ය නැහැ, නමුත් ඔවුන් දන්නවා අපි ජන වරම අනුව කටයුතු කරන පුද්ගලයන් බව. ජන වරම අනුව කටයුතු කරන ආණ්ඩුවක් බව. අපේ ප්රතිපත්ති ප්රකාශය "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිටු අංක දෙසීය අරන් බැලුවොතින්, එහිදී මූලධර්ම වශයෙන් අධිකරණ පද්ධතියක් ක්රියාත්මක වීම, නීති පද්ධතියක් ක්රියාත්මක වීම සම්බන්ධයෙන් මූලධර්ම වශයෙන් අපි සඳහන් කරන්නේ මොකක්ද? සාධාරණව හා සමානව නීතියේ රැකවරණය විනිවිද භාවය සහ කාර්යක්ෂමතාවය ස්වාධීනත්වය සහ ජනතා විශ්වාසය මෙන්න මේ මූලධර්ම මත පිහිටලා තමයි අපි අධිකරණ පද්ධතිය මෙහෙවනවා කියන කාරණාව ජනතාවට පොරොන්දු වුනේ. අද ඒ පොරොන්දුවේ එක කොටසක් ඉටුකරන දවසක් මේ පනත් මගින්. ගරු කථානායකතුමනි, නීතියේ විධානයේ ආධිපත්යය පිහිටුවන්න අධිකරණයක් විතරක් කාර්යක්ෂම වෙලා හරියන්නේ නැහැ. මේ කාර්යක්ෂමතාවය කියන එක ඇතිවෙන්නට ඕන පද්ධතියේ තැන් කීපයක. එක පැත්තකින් පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාර්යක්ෂම විය යුතුයි. අන්න ඒ සම්බන්ධයෙන් අපි මේ ප්රතිසංස්කරණය කිරීම සඳහා 2024 බලයට පත්වූ මොහොතේ සිට කටයුතු කරලා තිබෙනවා. පොලීසියේ වැටුප් වැඩි කිරීම්, දීමනා ලබාදීම්, පුද්ගලයන් බඳවාගැනීම් සහ නොයෙකුත් පියවරයන් තියෙනවා. පොලීසිය කාර්යක්ෂම ලෙස විමර්ශනය සිදුකරේ නැත්නම් නඩුවක් පවරාගැනීමට හැකියාවක් එන්නේ නැහැ. එසේ විමර්ශනය කරලා සාක්ෂි ගොනු කරගත්තයින් පස්සේ නීතිපතිවරයා විසින් ඒ සලකා බලන්න ඕන, අධිචෝදනා පත්ර පවරන්න, නඩු පවරන්න, නීති උපදෙස් දෙන්නට. එහෙමනම්, අපි එතකොට එතනත් පුරප්පාඩු තිබෙනවා. දැන් ඒ පුරප්පාඩු බඳවාගන්න වෙනවා. ඔවුන්ට අවශ්ය මානව සම්පත් දීලා, තාක්ෂණය දීලා එය කාර්යක්ෂම කරගන්න ඕන. අද ඉතාම සීමිත නිලධාරීන් සංඛ්යාවක් - අධිනීතිඥවරු සහ ජ්යෙෂ්ඨ අධිනීතිඥවරු සහිත තනතුරු නීතිපති දෙපාර්තමේන්තුව තුළ රාජකාරී කරන්නේ. ඔවුන් නඩු 15,000ක් 20,000ක් විතර මෙහෙවනවා. එහෙනම් ඒ ගැටලුව විසඳන්න ඕන , එය කාර්යක්ෂම කරන්නට ඕන. ඒ විතරක් ප්රමාණවත්ද? නැහැ. නඩුවක් කරගෙන යන්නේ යම් අවස්ථාවලදී විද්යාත්මක වාර්තා අවශ්ය වෙනවා.
ඒ කියන්නේ රස පරීක්ෂක වාර්තාවක් උදාහරණයක් වශයෙන් ගත්තොත්, අපි එනකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව 118ක් තිබුණා. එතකොට රස පරීක්ෂක වාර්තා ප්රමාද වෙනවා. මේ වන විට කොන්ත්රාත් පදනම් මතත් ස්ථිර සේවයටත් සියල්ල 70 කට ආසන්න ප්රමාණයක් බඳවාගෙන එහි පවතින තදබදය අඩු කරන්න කටයුතු කළා. ඒ ප්රමාදවීම නිසා බන්ධනාගාරවල අධික තදබදයක් ආවා. එය වෙනස් කරන්න අවශ්ය තත්ත්වයන් නිර්මාණය කරලා, දැන් ගිය මාසයේ රස පරීක්ෂක වාර්තා 9,081ක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ සියල්ලම කරන්නේ ඇයි? මේ සියල්ලම කාර්යක්ෂම වුණාම තමයි උසාවිය අපිට කාර්යක්ෂම කරන්න වෙන්නේ.
මා අවස්ථා කීපයකදී කිව්වා, ගිය අවුරුද්දේම අපි දැකපු මූලික දේ මොකක්ද? නඩු ලක්ෂ එකොළහක් පද්ධතිය තුළ තිබෙනවා, නමුත් තියෙන උසාවි සංඛ්යාව සහ නඩු විනිශ්චයකාරවරුන් සංඛ්යාව ප්රමාණවත් නැහැ. ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය අවුරුද්දකින් දෙකකින් ඇති වු ච එකක් නෙමෙයි, අවුරුදු විස්සක් විසි පහක් තිස්සේ කිසිදු පුරෝකථනයක් නොමැතිව, සැලැස්මක් නොමැතිව යාමේදී ඇතිවෙච්ච තත්ත්වයක්. ඒ වගේම මේක විසඳන්නත් කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන තිබුණේ නැහැ. දැනට අවුරුදු විසි පහකට තිහකට කලින් පියවර ගත්තා නම්, අද වෙනකොට මේ තදබදය අඩු කරගන්න තිබුණා. අද අපේ රටේ මිනිස්සු අධිකරණවල කොච්චරනම් රස්තියාදු වෙනවද? එකම නඩුව අවුරුදු ගණනන් ඇදෙනකොට, කල් යනකොට, ඔවුන්ට වැය වෙන මුදල, ඔවුන්ගේ දේපළ උගස් තියලා අමාරුවෙන් නීතිඥ ගාස්තු ගෙවාගෙන රස්තියාදු වෙන එක නතර කරන්න අපිට උවමනාව තිබෙනවා, ඒක අපි ජනතාවට දීපු පොරොන්දුවක්. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න නම් අපිට අධිකරණ පද්ධතියම කාර්යක්ෂම කරන්න අවශ්ය වෙනවා. මේක අපි ආරම්භ කළේ 2024 නොවැම්බර් වලයි. ඕනෑම දියුණු රටක සාමාන්යයෙන් ජනගහනයෙන් මිලියනයකට නඩුකාරතුමන්ලා 40ත් 60ත් අතර ප්රමාණයක් හෝ ඊට වැඩි ප්රමාණයක් ඉන්නවා. නමුත් අපේ රටේ ජනගහනයෙන් මිලියනයකට ඉන්නේ නඩුකාරතුමන්ලා විසි දෙනෙක් පමණයි. එතකොට අනිවාර්යයෙන්ම නඩු ගොඩගැහෙනවා. නඩු 1,000, 2,000 ගොඩගැහෙන කොට මාස හයෙන් හයට නඩු කල් යනවා. දැන් මේ ප්රශ්න නිසා ජනතාව පීඩා විඳිනවා, බැටකනවා. එහෙනම් අද අපි මේ සංශෝධනය ගේන්නේ සමස්ත ප්රතිසංස්කරණ ක්රියාවලියක එක කොටසක් වශයෙන් සහ ජනතාවට සිදුවන අපහසුකම් වළක්වීම තමයි මූලික අරමුණින් යුතුවයි.
ඒ වගේම තර්කයක් එනවා මොකක්ද, "වයස, විශ්රාම යන වයස දීර්ඝ කරා කියලා අධිකරණ කාර්යක්ෂම වෙන්නේ නැහැ." ඔව්, ඒක විතරක්නම් අපි කරන්නේ, නමුත් එය සමස්ත ප්රතිසංස්කරණ ක්රියාවලියක කොටසක් වෙනකොට එය කාර්යක්ෂම වෙන විදිහ මා පැහැදිලි කරන්නම්. නමුත් ඊට කලින් මා කියන්නට ඕන, අපි, මා ඔබට කලින් කිව්වා ඉන්න නඩුකාරයන් සංඛ්යාව. දැන් වැඩි කරන්න ඕන හින්දා අපි රුසියාව ගත්තොත් ජනගහනයෙන් මිලියනයකට 242ක් ඉන්නවා. තායිලන්තය වගේ ගත්තොත් ජනගහනයෙන් මිලියනයකට 68 ක් වගේ ප්රමාණයක් ඉන්නවා. එංගලන්තයේ 51ක් ඉන්නවා. ඕස්ට්රේලියාවේ ජනගහනයෙන් මිලියනයකට 44 ක් ඉන්නවා. ශ්රී ලංකාවේ 20යි කියලා කිව්වට ඇත්තටම දත්ත අනුව 19යි ඉන්නේ. මෙම තත්ත්වයන් විසඳීම සඳහා අධිකරණ වැඩි කරන්න වෙලාව තියෙනවා. ඉන්න විනිශ්චයකරුවන් සංඛ්යාව වැඩි කරන්න වෙලාව තියෙනවා, නමුත් මේක එක විට කරන්න හැකියාවක් නැහැ. නමුත් අපි ආපු කාලය තුළ රස පරීක්ෂක වාර්තා වැඩි කිරීම සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය මං පැහැදිලි කරා. ඒත් කාර්යක්ෂම කිරීමේ එක කොටසක්. එපමණක් නොවෙයි, අප ආණ්ඩුව විසින් පසුගිය වසර දෙක තුළ අධිකරණ ශාලා සංඛ්යාව 29කින් වැඩි කලා. ශාලා සංඛ්යාව, උසාවි ගණන නෙමෙයි. වාණිජ මහාධිකරණ හතරක් තිබුණ එක පහ දක්වා වැඩි කරලා තිබෙනවා. ත්රිපුද්ගල මහාධිකරණ 2ක් දාලා තිබෙනවා. මහාධිකරණ 48, 49ක් වෙලා තිබෙනවා. ඒ වගේම සිවිල් අභියාචනා මහාධිකරණ සංඛ්යාව එකකින් වැඩි කරලා එය දෙක දක්වා ඉහළ නැංවුවා. වාණිජ මහාධිකරණ සංඛ්යා දෙකකින් වැඩි කරලා පහ දක්වා ඉහළ නැංවුවා. අපරාධ නඩු අහන මහාධිකරණ සංඛ්යාව තුනකින් වැඩි කරලා එකොළහක් දක්වා වැඩි කළා. ත්රිපුද්ගල මහාධිකරණ දෙකක් ස්ථාපිත කළා. ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණ දෙදක් ස්ථාපිත කළා. මහාධිකරණ ශාලා අංක හය, දහය, එකොළහ අල්ලස් නඩු ඇසීම සඳහාම අපි වෙන් කළා. මූල්ය ආරවුල් කඩිනමින් විසඳීම සඳහා සුළු හිමිකම් අධිකරණයක් අලුතින් නිල නිවසක ස්ථාපිත කළා. මේ සියල්ලම කරන්නේ ඇයි? මිනිස්සු අධිකරණවල රස්තියාදු වෙන එක නතර කරන්න ඕන, නඩු ඉක්මනට අහන්න ඕන. කලින් හිටපු එකම ආණ්ඩුවකටවත් උවමනාවක් තිබුණේ නැහැ නඩු ඉක්මනට අහලා ඉවර කරන්න. න්. සාක්ෂිකාරයෙක්ට එන්න බැරිවීම නිසා අවස්ථා කීයක නඩු කල් යනවද කියලා නීතිඥවරු දන්නවා. Voice to Text තාක්ෂණය අපි සාර්ථක ලෙස අත්හදා බැලුවා. ඒ අත්හදා බැලීම සඳහා, ඒක සාර්ථක නිසා අපි උසාවි 350කට මෙම තත්ත්වයන් ලබාදීම සඳහා අවශ්ය මූලික කටයුතු කරමින් යනවා. එයිනුත් නඩු ඇසීම වේගවත් වෙනවා.
මේ සංශෝධනය හරහා අද කුමක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? මේ සංශෝධනය හරහා ව්යවස්ථාවට ගෙනෙන සංශෝධනය අධිකරණ සංවිධාන පනතට ගෙනෙන සංශෝධනය හරහා අපි බලාපොරොත්තු වෙනවා, මෙම නඩුකාරතුමන්ලා සියලුදෙනාගේම විශ්රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න. දැන් මේක ආරම්භයේදී මොකක්ද සිද්ධ වුණේ? සියලුම ප්රතිසංස්කරණ කරන අතරම දැනුමැති, පළපුරුද්ද ඇති අයව මේකේ රඳවා තබාගැනීම අවශ්ය වෙනවා. මොකද සියලුම ප්රතිසංස්කරණ අතරතුර එයත් අත්යවශ්ය කාරණාවක් වෙනවා. ඒ පළපුරුදු අය රඳවා තබාගැනීම සඳහා තමයි අපි මේක කරන්නේ. මෙය මේ වෘත්තිය තුළ වසර ගණනාවක් සාකච්ඡා වී තිබෙනවා. මොකද 1978 දී ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ට විශ්රාම වයස අවුරුදු 65යි යනුවෙන් පටන් ගත්ත එක, අද අවුරුදු 30ක් ගිහිල්ලත් වැඩි කරලා නැහැ, ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. එකෙන් වෙන දේ තමයි යම් නඩුකාරතුමෙක්ගේ අත්දැකීම් බහුලව, පරිණත වෙලා එනකොටම ඔහු විශ්රාම යනවා. ඔවුන් 60න්, 65 න් විශ්රාම ගිහිල්ලා පුද්ගලික අංශයට ඉතාම හොඳට සාර්ථක ලෙස තමන්ගේ දායකත්වය දෙනවා. මේ නීතිය නිසා රජයට ඒ දැනුමෙන් ප්රයෝජනයක් ගන්න විදියක් නැහැ. ඒ නිසා, ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා මේ වෘත්තිය තුළ නිතරම සාකච්ඡා වුණා, මං හිතන්නේ එක අවස්ථාවකදී ගරු ෆයිසර් මුස්තාෆා මන්ත්රීතුමත් පුද්ගලික පාර්ලිමේන්තු මන්ත්රී යෝජනාවක් ගෙනාවා මේ දේවල් සිද්ධ කරන්න, එය ඉදිරියට ගියේ නැහැ. 2016 වසරේ අධිකරණය පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව බලන්න. එතන යෝජනා වෙන්නේ මොකක්ද? "සියලු උපරිමාධිකරණ, විනිසුරුවරුන්ගේ විශ්රාම ගැනීමේ වයස එකම වයසක් විය යුතු අතර එම වයස අවුරුදු 65ක් නම් වඩාත් සුදුසු වේ." මොකද ඒ උත්සාහ කරන්නේ අර අභියාචනාධිකරණයේ 63වයස 65ට ගේන්න.. "සමහර විනිසුරුවරුන් විශ්රාම ලැබූ පසු ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ නිර්දේශය මත පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ නිපුණතාවය සහ සේවා සැපයීම දියුණු කිරීම හා වැඩිදියුණු කිරීම උදෙසා එම විනිසුරුවරුන්හට උපදෙස් ලබාදීම සහ ඔවුන් අධීක්ෂණය කිරීම සඳහා සේවයේ යෙදවිය හැකිය. එම විනිසුරුවරුන්ට වයස අවුරුදු 70 දක්වා සේවය කළ හැක." ඒ කියන්නේ 2016 දීත් පිළිගන්නවා මේ නඩුකාරතුමන්ලාට වැඩ කරන්න පුළුවන් 70 වෙනකල් කියලා. ඒ සියලුම කරුණු සලකා බලා තමයි අපි මේ වයසම අවුරුදු දෙකකින් වැඩි කරන්න තීරණය කළේ.
මේ සංශෝධනයට, ගොඩක් නීතිඥවරු කැමතියි. මොකද මේ හරහා ඔවුන්ගේ සේවාදායකයන්ට සාධාරණයක් වෙනවා, කොයි නීතිඥයෙක් අකමැති තමන්ගේ සේවාදායකයාගේ නඩුව ඉක්මනින් ඉවර කරනවට. නමුත් කීපදෙනෙක් දේශපාලන හේතු මත වෙනත්ම අර්ථකථනයක් දෙන්න ගත්තා.
අපි මේ සංශෝධන ගේන්නේ ඒකාධිපති වෙන්නවත්, මර්දනය කරන්නවත් නෙමෙයි. ඉක්මනට නඩු අහලා මිනිස්සුන්ට යුක්තිය, සාධාරණය ඉෂ්ට කරන්න. ඒක අපි ගේන්නෙත් එක කෑල්ලක් හැටියට නෙමෙයි, සමස්ත අධිකරණ ක්රියාවලියේ ප්රතිසංස්කරණයක් හැටියට. අපි මේක පටන් ගත්තේ 2024 දී. අපි ජනතාවට දීපු පොරොන්දුවක්, අපේ ප්රතිපත්ති ප්රකාශනයේ පිටු අංක 200 දීපු පොරොන්දුවක් තමයි අපි මේ ඉෂ්ට කරමින් යන්නේ. සුම්බුන් විපක්ෂයට කෑලිවලට ඕන එකක් කියන්න පුළුවන්, අපි ජනතාව වෙනුවෙන් මේ ගමන දිගටම ඉදිරියට යනවා කියන සටහන තබනවා.
මාධ්ය ඒකකය

- බන්ධනාගාර තුළ පිහිටුවන ඒකාබද්ධ යාන්ත්රණය වීරවිල එළිමහන් කදවුරටත්
- බන්ධනාගාර තුළ පිහිටුවන ඒකාබද්ධ යාන්ත්රණය අගුණකොළපැලැස්සටත්
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බදවා ගත් 265 දෙනෙකුගෙන් සමන්විත 13 වන ආධුනික දෙවන පෙළ ජේලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවය
- ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. අධිකරණ ඇමති පවසයි.







