Accessibility Tools

moj logo

Open menu

දැක්ම

සාධාරණ සහ නීති ගරුක සමාජයක් ගොඩනැගීම.

මෙහෙවර

අධිකරණ, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ වෙනත් ආයතනවලට අධිකරණ විද්‍යා සහ ආහාර විද්‍යා ක්ෂේත්‍රයන් සම්බන්ධ විශ්ලේෂණ, විශේෂඥ සහ උපදේශක සේවාවන් සැපයීම

කාර්යයන්

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ විද්‍යා අංශය සහ ආහාර විද්‍යා අංශය යන ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වන අතර එය ලංකාවේ ඇති එකම අධිකරණ විද්‍යා රසායනාගාරය වේ. ආහාර විද්‍යා අංශය, ආහාර හා මධ්‍යසාර, කිරි සහ ජලය යනුවෙන් වූ විද්‍යා  හතරකින් ද අධිකරණ විද්‍යා අංශය ප්‍රක්ෂිප්තවිද්‍යා, පුපුරණ ද්‍රව්‍ය සහ ගිණි විමර්ශන, මත්ද්‍රව්‍ය අංශය, මස්තු විද්‍යා හා DNA, අධිකරණ ධුලක විද්‍යා, සැක කටයුතු ලේඛන අංශය, විවිධ අංශය යනුවෙන් ප්‍රධාන අංශ හතකින්දයනුවෙන් අනු අංශ 11කින් සමන්විත වේ. මෙය සේවාවන් සඳහා වෙන්වූ දෙපාර්තමේන්තුවක් වන අතර උසාවි, පොලිස්, රේගුව, සුරාබදු,පළාත් පාලන ආයතන,සෞඛ්‍ය,වරාය,වෙනත් රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන මගින් යොමුකරනු ලබන නඩුභාණ්ඩ විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කිරීම සහ ඒවා පිළිබඳ වාර්තා නිකුත් කිරීම කරනු ලැබේ. මීට අමතරව විවිධ රාජ්‍ය, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය, අනුග්‍රහය ලබන ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන ආහාර, මත්පැන්, කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආදර්ශවලතත්වය පිළිබඳ පරීක්ෂා කරනු ලබන අතර ශ්‍රි ලංකා රේගුව යොමුකරන ආදර්ශ තත්ත්වය සහ තීරුබදු වර්ගීකරණය යන කරුණු දෙකම උදෙසා පරීක්ෂා කරනු ලබයි. තවද අධිකරණ මඟින් ඉදිරිපත් කරනු ලබන සැක සහිත ලේඛණ පරීක්ෂා කිරීම හා වාර්තා කිරීමද මෙම දෙපාර්තමේන්තුව මඟින් කරනු ලබයි.

පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබන සියඵම නඩු භාණ්ඩ හෝ වෙනත් ආදර්ශ, ආහාර හා ඖෂධ පනත, ජාතික පාරිසරික පනත, සුරාබදු ආඥා පනත, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත, සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ පනත, පළිබෝධනාශක පාලනය කිරීමේ පනත, ගිණිඅවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය පනත, විෂ වර්ග, අබිං සහ අන්තරායකාර ඖෂධ පනත, තහනම් පිහි පනත, මෝටර් වාහන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සිවිල් නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත වැනි විවිධ අණ පනත් යටතේ පරීක්ෂණයන්ට භාජනය කර වාර්තා නිකුත් කිරීම මෙම දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරේ.

මෙවැනි සේවා සැපයීමට අමතරව මෙම දෙපාර්තමේන්තුවේ සිටින විවිධ ක්ෂේත්‍රවල නිපුණතා ලබා ඇති විද්‍යාඥයින් විසින් රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනවලට විද්‍යාත්මක උපදේශනයන්ද ලබාදීම සිදු කරයි. විශේෂයෙන්ම ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ විවිධ ප්‍රමිති පිරිවිතර සෑදීමේදී මෙම නිලධාරීන්ගෙන් විශාල දායකත්වයක් ලැබේ. ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය ආයුධ හා උපකරණ මිලදී ගැනීම් වලදී තාක්ෂණික කමිටු වලට විශේෂඥ සහාය ලබාදීමද මෙම නිලධාරීන් විසින් සිදුකරනු ලැබේ.

 අංක 31, ඉසුරු මාවත,
පැලවත්ත‍,
බත්තරමුල්ල.
 +94 112 176 800 / +94 112 786 395
 +94 112 786 394
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 38.2% Sri Lanka
United States of America 24.9% United States of America
Singapore 19.8% Singapore
China 10.7% China

Total:

33

Countries
001617
Today: 851
This Week: 883
This Month: 1,229
This Year: 1,562

Last Modified:
08 January 2026