සාමදාන විනිශ්චයකාර සහ නිල නොලත් මහේස්ත්රාත්වරයාගේ කාර්යභාරය
මහේස්ත්‍රාත්වරයා නොපැමිණි දිනට අධිකරණය මෙහෙයවීමේ බලය සාමදාන විනිශ්චයකාර සහ නිල නොලත් මහේස්ත්‍රාත් වෙත බලය පවරා ඇත.
සුදුසුකම්
අවුරුදු 15 ක පළපුරුද්ද සහිත නීතිඥවරයෙකු විය යුතුය.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පටිපාටිය
නිල නොලත් මහේස්ත්‍රාත් තනතුර සඳහා නියමිත පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කරන ලද පිටපතක් ඇතුළුව අදාල සහතික සහ නිර්දේශ සහිතව ‘ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12’ යන ලිපිනයට එවීමට හෝ අමාත්‍යාංශයේ අදාල අංශය වෙත ගෙනවිත් බාරදීටම හෝ හැකිය.
අයදුම්පත්‍ර ලබා ගැනීම
අමාත්‍යාංශයේ විෂය භාර නිලධාරියාගෙන් අයදුම්පත්‍ර ලබා ගත හැක.
අයදුම්පත්‍ර සඳහා ගාස්තු
මේ සඳහා ගාස්තු අය නොකෙරේ.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම
අයදුම්පත්‍ර ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී අධිකරණ අමාත්‍යාංශයේ අදාල කාර්යාලයට ගෙනැවිත් බාර දීමට හැකිය.
සේවාව සඳහා ගාස්තු
මෙම සේවාව නොමිලයේ සපයනු ලැබේ.
සේවාව සැපයීම සඳහා ගතවන කාලය
ආසන්න වශයෙන් සති දෙකකි.
ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලේඛන
- ලියාපදිංචි කිරීමේ සහතික කළ පිටපතක්
- අධිකරණ අමාත්‍යාංශයෙන් ලබාගත් නිල නොලත් මහේස්ත්‍රාත් තනතුර සඳහා අයදුම්පත්‍රය සම්පූර්ණ කොට අවශ්‍ය නිර්දේශ සමග ඉදිරිපත් කළ යුතුය.
විෂය භාර කාර්ය මණ්ඩල නිලධාරීන්
| නම සහ තනතුර | දුරකථනය | ෆැක්ස් | |
අධ්යක්ෂ |
0112320784 | 0112320784 | |
ආදර්ශ අයදුම් පත්‍රය
*නිල නොලත් මහේස්ත්‍රාත් (Justice of the Peace and Unofficial Magistrate) පත්වීම් ලබා දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව කාරුණිකව දන්වා සිටිමු. මෙම තත්ත්වය තුළ නව අයදුම්පත් භාරගැනීම හෝ පත්වීම් නිකුත් කිරීම සිදු කරනු නොලැබේ. වැඩිදුර දැනුම්දීමක් ලබා දෙන තෙක් මෙම තීරණය බලාත්මක වන අතර, ඕනෑම වෙනසක් සිදු වුවහොත් එය මෙම වෙබ් අඩවිය තුළින්ම දැනුම් දෙනු ලැබේ.







