Accessibility Tools

moj logo

Open menu

1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව පිහිටුවන ලද අතර, ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව නීති ප්‍රතිසංස්කරණ නිර්දේශ කරනු ලබන රජයේ ප්‍රධානම ආයතනය වේ. පරිපාලනය සඳහාත්, පර්යේෂණ සඳහා සහයෝගය ලබාදීම සඳහාත්, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී.

දැක්ම

යහපාලනය උදෙසා නීතියේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම.

මෙහෙවර

නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා 1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනතේ දක්වා ඇති කාර්යයන් ක්‍රියාවේ යෙදවිම.

 

කාර්යයන්

නීති කොමිෂන් සභාවේ ප්‍රධාන අරමුණ වනුයේ, නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම වේ. එවැනි ප්‍රවර්ධන අරමුණු කරගනිමින් නීති කොමිෂන් සභාව මගින් පහත දක්වා ඇති කාර්යයන් ක්‍රියාවට නංවනු ලබයි.

  • නීතිය සංග්‍රහ ගත කිරීම.
  • නීතියේ විෂමතා නැති කිරීම.
  • හරයාත්මක නීතිය මෙන්ම කාර්ය පටිපාටික නීතියද ක්‍රමානුකූලව සංවර්ධනය කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් සමාලෝචනය කිරීම සහ පවත්වාගෙන යාම.
  • කාලෝචිත නොවන සහ අනවශ්‍ය පනත් ඉවත් කිරීම.
  • නීතිය සරල කිරීම සහ නවීකරණය කිරීම.
  • නීති ප්‍රතිසංස්කරණය සඳහා වන යෝජනා භාරගෙන ඒවා සලකා බැලීම.
  • ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් නීතියේ විවිධ අංශ පරීක්ෂා කිරීම සඳහා වන වැඩසටහන් කලින් කලට සකස්කොට අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම.
  • වෙනත් රටවල නීති ක්‍රම පිළිබඳව තොරතුරු ලබා ගැනීම.
  • අනු නීති මනාව පිළිගත් සිද්ධාන්තවලට හා නීතියේ  මහිමයට අනුකූල වන බව සුරක්ෂිත කිරීමේ අදහසින්, පාර්ලිමේන්තුව නොවන වෙනත් මණ්ඩල විසින්, අනු නීති සෑදීමේ බලය ක්‍රියාත්මක කිරීම නිරන්තරයෙන් සමාලෝචනය කිරීම.
  • නඩුකීම හා සම්බන්ධ පරිපාලනාත්මක ස්වභාවයේ කාර්ය පටිපාටිය ඇතුළුව නීති කාර්ය පටිපාටි තර්කාපණය කිරීම හා සරල කිරීම සඳහා වැඩසටහන් ක්‍රමානුකූලව සකස් කිරීම.
  • සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් නීතිය සංග්‍රහ ගත කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම.

ලේකම්
ශ්‍රී ලංකා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව,
සිව්වැනි මහල,
අධිකරණ අමාත්‍යාංශය නව ගොඩනැගිල්ල,
අංක: 80, අධිකරණ මාවත,
කොළඹ 12.
 +94 112 333 884
 +94 112 333 884
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 42.2% Sri Lanka
China 24.8% China
Singapore 15.7% Singapore
United States of America 7.4% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
066194
Today: 7
This Week: 6,234
This Month: 18,704
This Year: 66,139

Last Modified:
08 January 2026