Accessibility Tools

moj logo

Open menu

දැක්ම

නේවාසිකයින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම.

මෙහෙවර

ආරක්ෂාව, රැකවරණය, පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා ‍නේවාසිකයින් හා බන්ධනාගාර නිලධාරීන්අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ධනාත්මක චින්තනයක් ගොඩනගා නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වැඩි කිරීම තුළින් සහ සිරකරුවන්ගේ සුභසාධක කටයුතු විධිමත් කිරීම තුළින් ඔවුන්ගේ ශ්‍රම ඵලදායීතාවය රටට වැඩදායී ලෙස යොදාගැනීම.


අරමුණු

  • බන්ධනාගාර නේවාසිකයන් විධිමත්ව පුනරුත්ථාපනය මඟින් නීති ගරුක මානව හිතවාදී පුද්ගලයන් බවට පත් කර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමට දායක වීම.
  • බන්ධනාගාර නිලධාරීන් අභිප්‍රේරණය සහ දෙපාර්තමේන්තු කණ්ඩායම් හැඟීම ගොඩනැගීම.

ප්‍රධාන කාර්යයන්

  • රට තුල කවර හෝ අධිකරණයක අධිකාරි බලය යටතේ බන්ධනාගාර ගත කරන ලද හෝ රිමාණ්ඩ් භාරයට පත් කරන ලද සෑම තරාතිරමකම සිරකරුවන් පිළිගැනීම සහ බන්ධනාගාර නීතිරීති වලට අනුකූලව ඔවුන්ගේ ආරක්ෂාව, රැකවරණය, හා නඩත්තුව සැලසීම සහ අධිකරණ වලට රිමාණ්ඩ් සිරකරුවන් ඉදිරිපත් කිරීම.
  • සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර සම්බන්ධ පොදු විධානය හා මනා පරිපාලනය සැලැස්වීම.
  • සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර වල රැඳවියන් සඳහා කාර්මික, කෘෂිකාර්මික, සත්ව පාලනය හා වෘත්තීය පුහුණුව ලබාදීම.
  • සියළුම බන්ධනාගාර සිර කඳවුරු හා චරිත ශෝධනාගාර සඳහා සුභසාධක සේවා සැපයීම.
  • විශෝධන ක්ෂේත්‍රය සවිමත් කිරීමට අවශ්‍ය පුහුණු කිරීම් සඳහා විධිවිධාන සැලසීම.
  • කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස පිටත් වීමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීම..
  • බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාලව බන්ධනාගාර තදබදය අවම කිරීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම, භෞතික සම්පත් වැඩිදියුණු කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය.
  • සේවා අංශයන්ට අදාල පුහුණු හා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම තුලින් මනා පරිචයකින් හා සේවා තෘප්තියකින් යුත් නිලධාරීන් බිහි කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධනය.
  • රැඳවි පරිපාලන කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම උදෙසා රැඳවියන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කිරීම.

විමසීම් විස්තර

බන්ධනාගාර මුලස්ථානය,
නො.150, බේස්ලයින් පාර,
කොළඹ 09,
ශ්‍රී ලංකා.
 +94 114 677 177
 +94 114 677 180
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 42.6% Sri Lanka
China 24.6% China
Singapore 15.5% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
066968
Today: 781
This Week: 7,008
This Month: 19,478
This Year: 66,913

Last Modified:
08 January 2026