බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්රියාත්මක වැඩපිළිවෙළ යටතේ වව්නියාව බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් වවිනියාව බන්ධනාගාරයේදී අද ( 26) පෙරවරුවේ පැවැත්විණ.
හදිසි අවස්ථාවකදී ප්රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්රණයක් දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් අධිකරණ අමාත්යතුමා විසින් රාජ්ය නිලධාරීන් දැනුවත් කරන ලදී.
ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්යතුමා වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන්ගේ අවශ්යතා සොයා බැලීමේ නිරීක්ෂණයක නිරත වූ අතර කාන්තා අංශය සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති ස්ථාන අමාත්යතුමාගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී රස පරීක්ෂක වාර්ථා ප්රමාදය නිසා බන්ධනාගාර ගත රැඳවියන් වෙත දන්වා සිටියේ ඉදිරි මාස තුනක් පමණ ඇතුලත රස පරීක්ෂක වාර්ථා ප්රමාද වීමේ ගැටළුව සඳහා පිළියම් ලබා දෙන බවයි.
වව්නියාව දිස්ත්රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්ර, වව්නියාව සහකාර බන්ධනාගාර අධිකාරී අසිත ගුණතිලක, වවිනියාව ප්රදේශය භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ඒච්.ඒ.කේ. ඉන්දික හපුගොඩ යන මහත්වරුන් ඇතුළු ජල සම්පාදන මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව, පොලීසිය, යාපනය ප්රාදේශිය ලේකම් කාර්යාලය, සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දිට්වා හදිසි ආපදා තත්වයන්ට මුහුණ දුන් පවුල් සදහා නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ප්රමුඛතාවය ලබාදෙමින් යුද සමයේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයින් 18 දෙනෙකුට සහ අතුරුදහන් වු පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50 ක මුදලක් සහ අක්කර භාගයක ඉඩමක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව එම පවුල්වලට නිවාස ඉදි කර ගැනීමට අවශ්ය රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක මුදලින් මුලික අදියර යටතේ මුදල් ලබාදීමට අදාළ චෙක්පත් පිරිනැමීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් කිලිනොච්චිය පරන්තන් නගරය, පරන්තන් ග්රාම සංවර්ධන සමිති ශාලාවේදී අද (25) පෙරවරුවේ සිදු විය. ඒ වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්යතුමා මෙම අදහස් පළ කරන ලදී.
එහිදී අදහස් පළ කළ අමාත්යතුමා මෙසේ සදහන් කළේය.
සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් දරුවන් අද වන විට වැඩිහිටියන් බවට පත් වෙලා. ඒ අය හමුවීමට ලැබීම පිළිබදව සතුටු වෙනවා. යුද්ධයේ ජයග්රාහකයෙක් නැහැ. දෙපාර්ශ්වයම පරාජයට පත් වෙනවා. යුද්ධයෙන් ඉතිරි වන්නේ කණගාටුදායක කටුක අත්දැකීම් පමණයි. යුද්ධයෙන් විනාශ වු ගොඩනැගිලි ඉදි කිරීමට වඩා වැඩි කාලයක් ඒ හේතුවෙන් කැඩි බිදී ගිය සිත් හදන්න යනවා. ජාතීන් අතර මිත්රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි. මීට වසර දෙකකට පෙර උතුරේ ජනතාව අපේ රජයට මිත්රත්වයේ දෑත් දිගු කළා. අපිට උතුර දකුණ යනුවෙන් භේදයක් නැහැ. අතුරුදහන් වු පවුල් වෙනුවෙන් අවශ්ය සාධාරණට ඉටු කිරීමට මෙන්ම අතුරුදන් අය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීමට වත්මන් රජය කැපවී කටයුතු කරනවා. සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් අයගේ පවුල් 18 කට සහ අතුරුදහන් වු තැනැත්තන්ගේ පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට අක්කර භාගයක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙනවා. ඔබට ඇතිවන ගැටළුවලදී සෑම අවස්ථාවකම වත්මන් රජය සිටිනවා. උතුරේ ජනතාවට මිත්රශීලි වෙනත් රජයක් මීට තිබුණේ නැහැ. ජනතාවගේ ජීවන තත්වය උසස් කරමින් වත්මන් රජයේ රාජ්ය ප්රතිපත්ති ඉදිරියට ගෙන යාමට රාජ්ය සේවකයින් ලබා දෙන සහාය අගය කරන බවද අමාත්යතුමා සදහන් කරන ලදී.
නිවාස ආධාර ලබාදුන් පවුල් විසි එකෙහි ජනතාවට අක්කර භාගයක ඉඩමෙහි වගා කිරීම සදහා අවශ්ය පොල් පැල සංකේතාත්මකව බෙදාදීමද මෙහිදී සිදු විය.
යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි කේ. ඉලන්කුමරන්, කිලිනොච්චිය දිස්ත්රික් ලේකම් එස්. මුරලිදරන් යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කරන ලදී.

ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ GovTech ශ්රී ලංකා ආයතනය එක්ව සංවිධානය කළ "වඩා යහපත් නීති සම්පාදනය සඳහා වඩා යහපත් මෙවලම්" (Better Tools for Better Lawmaking) තේමාව යටතේ පැවැති විශේෂ වැඩමුළුවක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේදී (LDD) ඊයේ (22) පැවැත්විණි.
ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය, ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුවේදී, නීති කෙටුම්පත් කිරීමේ ක්රියාවලිය සඳහා කෘත්රිම බුද්ධිය (AI) භාවිත කිරීමේ දැක්ම සහ වැඩපිළිවෙල ඉදිරිපත් කරන ලදී. මෙහි පළමු පියවර ලෙස යෝජිත අතථ්ය වත්කම් සේවා සපයන්නන්ගේ (VASP) පනත් කෙටුම්පත සඳහා මෙම AI තාක්ෂණය භාවිත කිරීමට යෝජනා වී ඇත.
මීට සමගාමීව, AI තාක්ෂණය ඔස්සේ කෙටුම්පත් කිරීම, තහවුරු කිරීම සහ ත්රිභාෂා නිෂ්පාදන මෙවලම් භාවිතයේ ප්රායෝගික හැකියාවන් පෙන්වා දෙමින් GovTech ශ්රී ලංකා ආයතනයේ නීති උපදේශක ත්රිනේෂ් ප්රනාන්දු මහතා ඇතුළු ඉෂාන් රසීන් සහ චින්තනී ඈපාආරච්චි යන මහත්ම මහත්මීන් විසින් දැනුම හුවමාරු කර ගැනීමේ සැසියක් මෙහෙයවන ලදී. එමෙන්ම එහිදී දත්ත සූදානම, ආරක්ෂණ ක්රමවේද සහ නියමු ව්යාපෘතිය ඉදිරියට ගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණින.
මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය , ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ශ්රී ධනපාල, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර, යන මහත්ම මහත්මීන් ඇතුළු නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

- බන්ධනාගාරගත වන පිරිස අඩු කිරීමට ක්රියා කරනවා.
- බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මෙන්ම ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම අපේ වගකීමයි.
අධිකරණ ඇමති පවසයි.
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතු වැඩපිළිවෙළ යටතේ එම යාන්ත්රණය පිහිටුවීම සම්බන්ධයෙන් රාජ්ය ආයතන නිලධාරීන් සමග පස්වරුවේ (19) ගාල්ල බන්ධනාගාරයේදී පැවති සාච්ඡාවෙන් අනතුරුව බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ නිලධාරීන් සමග පැවති හමුවකදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමටද අමාත්යතුමා එක් වු අතර බන්ධනාගාර නිලධාරින් සමග පැවති සාකච්ඡාවේදී අදහස් පළ කළ අමාත්යතුමා
හදිසි අවස්ථාවකදී ප්රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්රණයක් දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කිරීමට කටයුතු කරනවා . ඒ යටතේ ගාල්ල සහ බුස්ස බන්ධනාගාර දෙකට අදාළ යාන්ත්රණය පිහිටුවීම සම්බන්ධයෙන් වු සාකච්ඡාව ගාල්ල බන්ධනාගාරයේදී සිදු කළා. බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු කලින් හඳුනා ගැනීම මෙම යාන්ත්රණය පිහිටුවීමේ අරමුණයි. රාජ්ය ආයතන එක්ව පිහිටුවා ගන්නා මෙම ඒකාබද්ධ යාන්ත්රණය අවම වශයෙන් මාසයකට වරක් රැස්ව පවතින ගැටළු සාකච්ඡා කිරීම සිදු කළ යුතුයි. බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුභ සාධනය තහවුරු කිරීම සිදු කළ යුතුයි. බන්ධනාගාර තදබදය අඩු කිරීම සදහා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ යටතේ මසකට රස පරීක්ෂක වාර්තා 7500 ක් 9000 දහසක් අතර සංඛ්යාවක් ලබා ගැනීමේ ක්රමවේදයක් සකස් කර තිබෙනවා. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වු සිද්ධියෙන් නිලධාරීන් සහ රැඳවියන්ගේ ජීවිත අහිමි වුණා. ඒ මිය ගිය නිලධාරීන් වෙනුවෙන් සාමාන්ය රාජ්ය සේවය තුළ පවතින වන්දි ක්රමයට වඩා විශේෂ වන්දියක් ලබාදීමට අදාළ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ වාර්තා ලැබුණු පසු අදාළ වන්දි සහ ඔවුන්ගේ පවුල්වල සුභ සාධනය සම්බන්ධයෙන් කටයුතු සිදු කරනවා. ලැබෙන දීමනා වැටුප් ප්රමාණවත් නොවන තත්වයක් තුළ බන්ධනාගාර නිලධාරීන් වන ඔබ විශිෂ්ඨ සේවයක් සිදු කරනු ලබනවා. අපි ඔබගේ සේවය අගය කරනවා. ඔබගේ දීමනා ඉහල දැමීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා කරුණු යොමු කර තිබෙනවා. අමාත්ය මණ්ඩලය සමග සාකච්ඡා කර ඒවා ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. අත් අඩංගුවට ගන්නා මත් ද්රව්යවල දළ බර ප්රමාණය ග්රෑම් සීයයට අඩු නම් මහාධිකරණය මගින් ඇප ලබා ගැනීමට අදාළ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැනට පවතින නීතිය අනුව මත් ද්රව්යවල දළ බර ග්රෑම් 10 ට වැඩි නම් ඇප ලබා ගැනීමට අභියාචනාධිකරණයට යා යුතුයි. ඒ සදහාත් රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් බන්ධනාගාරගතව සිටීමට සිදු වෙනවා. මේ හේතුව නිසාත් බන්ධනාගාර තදබදය වැඩී වී තිබෙනවා.
බන්ධනාගාරගත වන පිරිස අඩු කිරීමට ක්රියා කරනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මෙන්ම ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම අපේ වගකීමයි. ප්රජා විශෝදන පනත වෙනස් කර ගෙන යනවා. පාතාලයට හෝ කුඩු ජාවාරම්වලට සම්බන්ධ අය අපේ පක්ෂයට සම්බන්ධ නැහැ. අපි ජනතාවට ලබාදුන් පෙරොන්දුවේ ඉන්නවා. පාතාලය සුද්ද කරන්න ඕන. අවුරුදු 30 ක් 40 ක් ආදායම් ලැබු පාතාලය අපි එහෙම කිවුවා කියලා මේක අතහරින්නේ නැහැ. බන්ධනාගාර නිලධාරීන් තමයි ඇතුළට මත් ද්රව්ය රැගෙන යන්නේ යනුවෙන් මතයක් සමාජය තුළ තිබෙනවා. එහි ඇත්තකුත් තිබෙනවා. අතිශයෝක්තියකුත් තිබෙනවා. STF එකටත් ඇගිල්ල දිගු වෙනවා. ප්රතික්ෂේප කරන්න බැරි කථාවකුත් තිබෙනවා. ඒක තමයි, ඔව් බන්ධනාගාරය තුළට කුඩු එනවා. ඒක ඊයේ පෙරේදා වු දෙයක් නොවෙයි. අවුරුදු 20 ක් තිස්සේ මේ දේ සිදු වුණා. මේක නතර විය යුතුයි. බන්ධනාගාර තුළට මත් ද්රව්ය ජංගම දුරකථන ගෙන ඒම සිදු කළ නොහැකි පරිදි අවශ්ය කටයුතු කර තිබෙනවා. ඒ නිසා ම බන්ධනාගාරවලට මත් ද්රව්ය සහ ජංගම දුරකථන පැමිණිම දැන් ප්රවෘත්තියක් බවට පත්ව තිබෙනවා. ඒකට හේතුව අපි ඒවාට ඉඩ නොදෙන නිසයි. මෙතන ඉන්න බහුතරයක් නිලධාරීන් අවංකව සේවය කරනවා. මේ මත්ද්රව්ය දුරකථන අල්ලා ගන්නේත් මේ නිලධාරීන්ම තමයි. අපි පාතාලයට එක පණිවිඩයක් ලබා දෙනවා. මේක නවත්වන්න ඕන. මෙතනින් දිනන්න පුළුවන් එක් පැත්තකටයි. එක්කෝ නීතීයේ විධානයේ ආධිපත්යයටයි. නැත්නම් පාතාලයට මේ රට දෙන්න ඕන. මේ අවුරුදු පහ අපි මේක නවත්වන්න උත්සාහ කරනවා. තව අවුරුදු පහක් අපි ඉන්නවා. ජීවිත අවදානම නොතකා අපි මේ කාර්ය ඉටු කරනවා. අපි දෙපිරිසකට මේ රට කරන්න බැහැ. බන්ධනාගාර නිලධාරීන් බහුතරයක් අවංකව රාජකාරී කරන අතර කිහිප දෙනෙක් මේ වැරදි කටයුතු වෙනුවෙන් සහාය දක්වන්න පුළුවන්. මත් ද්රව්ය ජාවාරමෙන් යැපෙන පිරිස් පොලිසිය බන්ධනාගාරය සහ රාජ්ය ආයතන තුළ ද සිටිය හැකි බව ද අමාත්යතුමා සදහන් කළේය.
බුස්ස බන්ධනාගාර අධිකාරී ජීවක ඉන්ද්රජිත් ප්රනාන්දු මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සියලු බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු කලින් හඳුනා ගැනීමේ ඒකාබද්ධ යාන්ත්රණයක් ස්ථාපිත කරනවා.
අධිකරණ ඇමති පවසයි.
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය තීරණය කර ඇති අතර, එම යාන්ත්රණය පිහිටුවීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.
බන්ධනාගාර පරිශ්රය තුළ ඉදි කිරීමට නියමිත නව ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණයට සහ කාන්තා රැඳවියන් හමු වී ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද අමාත්යතුමා සහභාගි විය.
එහිදී අදහස් පළ කළ අමාත්යතුමා....
හදිසි අවස්ථාවකදී ප්රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්රණය දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කරනවා. රැඳවියන්ගේ පහසුකම් බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්යතා ලබාදීම පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළා. බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුභ සාධනය තහවුරු කිරීම සිදු කළ යුතුයි. රැඳවියන්ට මිත්රශීලි මානුෂිය පරිසරයක් බන්ධනාගාර තුල පැවතිය යුතුයි. බන්ධනාගාර තදබදය අඩු කිරීම සදහා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු කලින් හඳුනා ගැනීම මෙම යාන්ත්රණය පිහිටුවීම තුළින් සිදු වෙනවා. ප්රාදේශිය රාජ්ය නිලධාරීන්ගේ මුලිකත්වයෙන් පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්රණය මසකට වරක් රැස්ව ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. රැදවියන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට බන්ධනාගාරවල කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු ඉදිරිපත් කිරීමට පවතින ක්රමවේදය පවතින ක්රමයට වඩා විධිමත් විය යුතු බවද අමාත්යතුමා සදහන් කළේය.
දිවයිනේ සියලු බන්ධනාගාර මුලික කර ගනිමින් මෙම ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීමට කටයුතු කර ඇති අතර, අද දිනය තුළ කළුතර, ගාල්ල, බුස්ස සහ මාතර බන්ධනාගාර මුලික කර ගනිමින් ප්රාදේශිය රාජ්ය ආයතන උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ කමිටු පිහිටුවන ලදී.
රාජය ආයතන එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ නිලධාරීන් අවම වශයෙන් මාසයකට වරක් රැස්ව පවතින ගැටළු සාකච්ඡා කිරීම සිදු කළ යුතු වේ.
රාජ්ය ආයතන එක්ව ඒකාබද්ධ යාන්ත්රණයක් සකස් කිරීම තුළින් බන්ධනාගාර තුළ අර්බුදයක් ඇතිවීමට පෙර කලින් හදුනා ගැනීමේ හැකියාව තිබේ.
කළුතර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් අමාත්යතුමා සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්විණි.
කළුතර බන්ධනාගාර අධිකාරී ඒ.එම්. එස්. උපුල්දෙණිය, කළුතර දිස්ත්රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්, කළුතර දිසාව භාර නියෝජ්ය පොලිස්පති, ඩබ්ලිව්. අයි . පද්මිණි, 143 වන පාබල බල සේනා නියෝජ්ය සේනාංකාධිපති මේජර් ජනරාල් අසිත පුෂ්පකුමාර, කළුතර නාවික හමුදා දෙවන අණ දෙන නිලධාරී ලුතිනන් ඒ.පී. රණතුංග කළුතර සහකාර ප්රාදේශීය ලේකම් සී. ජේ.පී. ගජනායක යන මහත්ම මහත්මීන් පොලිස් විශේෂ කාර්ය බලකාය පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ජල සම්පාදන හා ජලා ප්රවාහන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරී, කළුතර ප්රාදේශිය ලේකම් කාර්යාලය, ගිනි නීවිමේ හමුදාව ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
- ශ්රී ලංකාවේ කොරියානු ජනරජයේ (දකුණු කොරියාව) තානාපතිනිය සහ අධිකරණ ඇමති අතර හමුවක් අධිකරණ අමාත්යාංශයේදී
- 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
- සුපිලිපන් සතියට සමඟාමීව අධිකරණ අමාත්යාංශයේ වැඩසටහන් රැසක් පැවැත්වෙයි.
- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ පුගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් අද ( 24) පෙරවරුවේ එක්වෙමිනි.







