Accessibility Tools

moj logo

පානදුර අධිකරණයේ පවතින  ගැටළු සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  එම අධිකරණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක අද (03) පෙරවරුවේ නිරත විය.

පානදුර අධිකරණ සංකීර්ණය පවතින්නේ 1929 වසරේ ඉදි කරන ලද ගොඩනැගිල්ලක වන අතර, එහි  පෞරාණික වටිනාකම් ආරක්ෂා වන පරිදි  ප්‍රතිසංස්කරණය කිරීම, අධිකරණය වටා ඇති තාප්පය සුදුසු පරිදි සකස් කිරීම, නීතිඥ මහත්ම මහත්මීන්ට සහ අධිකරණයේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවේදී සාකච්ඡා විණි.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ, නිලන්ති කොට්ටහච්චි, පානදුර නීතිඥ සංගමයේ සභාපති, නිතීඥ ශෙවොන් ගුණරත්න, එහි ලේකම් නීතිඥ නිල්රුවන් කුලසුරිය, නීතිඥ සුගත් හදුන්ගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එස්. ඒ .කේ. සුභසිංහ යන මහත්ම මහත්මීන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශයේ උසස් නිලධාරීන් සහ  නීතිඥවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Img 02 01 Img 02 02 Img 02 03

FaLang translation system by Faboba

Copyright © 2026 Ministry of Justice and National Integration. All Rights Reserved.
Designed & Developed by Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026