Accessibility Tools

moj logo

Open menu

 

ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් අතර සිවිල් හා වාණිජ කාරණාවල දී අන්නෝන්‍ය සහය ලබා දීම සඳහා ද, අධිකරණමය සහ අධිකරණ බාහ්‍ය ලේඛන පිටරටවල දී භාර දීම සම්බන්ධයෙන් හේග් සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද, සිවිල් හා වාණිජ කාරණාවල දී සාක්ෂි පිටරටවල දී ලබා ගැනීම පිළිබඳ හේග් සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද, ඊට අදාළ විධිවිධාන සැලැස්වීම පිණිස 2000 අංක 39 දරන සිවිල් හා වාණිජ කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීම පනත ක්‍රියාත්මක කරනු ලබන අතර, ශ්‍රී ලංකාව සහ නිශ්චිත රටවල් විසින් සාපරාධී කාරණාවල දී සහයෝගය ලබා දීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා 2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත ක්‍රියාත්මක කරනු ලබයි.

එම පනත් මඟින් සලසා ඇති ප්‍රතිපාදන ප්‍රකාරව මධ්‍යම බලධරයා ලෙස අධිකරණ විෂය භාර අමාත්‍යාවරයාගේ ලේකම්වරයා ක්‍රියා කරනු ලබන අතර එහිලා අධිකරණ අමාත්‍යාංශය විසින් පනතේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මැදිහත් වේ. එම ක්‍රියාවලියේ දී අධිකරණ කටයුතු වඩාත් පහසු කර ගැනීම සඳහාත්, සමස්ත කාර්ය භාරය විධිමත් කරගැනීම සඳහාත්, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2013.02.12 දිනැති අංක 358 දරන චක්‍රලේඛය නිකුත් කර ඇත.

එමඟින් ඒ ඒ රටවලට අදාළ සේවාවන් සම්බන්ධයෙන් සහ සේවය ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ මුදල් ගෙවීම් පිළිබඳ විස්තර ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 358 සඳහන් නොවන සහ ඊට අතිරේක වශයෙන් ඒ ඒ රටවලින් කලින් කලට ඇතුළත් කරන ලද මුදල් ගෙවීම් සහ ලියවිලි භාරදීමට අදාළව යම් යම් සංශෝධන සිදු වී ඇත. එනම්,

  • අගනුවර ප්‍රදේශය/කැන්බරා සඳහා ඕස්ට්‍රේලියන් ඩොලර් 390ට සමාන මුදලක් අධිකරණ අමාත්‍යාංශය වෙත පැමිණ මුදල් ගෙවිය යුතු වේ.
  • ඇමරිකා එක්සත් ජනපදය හැර සෑම මුදල් ගෙවීමක් සඳහාම අධිකරණ අමාත්‍යාංශය වෙත පැමිණ මුදල් ගෙවීම සිදු කළ යුතු වේ. (ඇමරිකා එක්සත් ජනපදය සඳහා ABC Legal Service නමින් ඇමරිකන් ඩොලර් 96ක බැංකු අණකරයක් බැංකුවෙන් ලබා ගත යුතු වේ.)
  • එක් ලිපිනයක විත්තිකරුවන් දෙදෙනකු සිටින අවස්ථාවල දී එක් එක් විත්තිකරු සඳහා වෙන් වෙන් වශයෙන් මුදල් ගෙවිය යුතු වේ.
  • භාෂා පරිවර්තන සිදු කරන සෑම අවස්ථාවක දී ම අදාළ පරිවර්තන දිවුරුම් දුන් භාෂා පරිවර්තකයකුගේ නිල මුද්‍රාව සහිතව සත්‍ය පරිවර්තනයක් බවට සහතික කර තිබිය යුතුය.
  • සිංගප්පූරුව වෙත ලියවිලි යොමු කිරීමේදී අදාළ අධිකරණය විසින් The Minister of Law of the Republic of Singapore වෙත ලිඛිත ඉල්ලීමක් තිබිය යුතු වේ.
  • හේග් පෝරමය අනිවාර්ය රටවල් ලෙස,
    • කැනඩාව
    • ඕස්ට්‍රේලියාව
    • ජර්මනිය
    • ජපානය
    • එක්සත් රාජධානිය
    • කොරියාව
    • පිලිපීනය

මීට අමතරව ඉහත ක්‍රියාවලි වඩාත් පහසු කිරීම සඳහාත් පහත ලේඛන කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

  • හේග් ආකෘති පත්‍රය.
  • හේග් පෝරමය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය හේග් ආකෘති පත්‍ර නිදර්ශනය.
  • හේග් ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා ඒ එක් එක් රටවලට අදාළ මධ්‍යම බලධාරී ආයතනවල ලිපිනයන්. (මධ්‍යම බලධාරීන්)
  • 2000 අංක 39 දරන සිවිල් හා වාණිජ කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීම පනත. (සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්) වෙබ් අඩවිය;www.lawnet.gov.lk
  • 2002 අංක 25 දරන සාපරාධී කරුණුවල දී අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීම පනත. (සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්) වෙබ් අඩවිය; www.lawnet.gov.lk
  • 2000 අංක 39 දරන සිවිල් හා වාණිජ කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීම පනතට අදාළ ගැසට් නිවේදන. (සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්) වෙබ් අඩවිය;
  • 2002 අංක 25 දරන සාපරාධී කරුණුවල දී අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීම පනතට අදාළ ගැසට් නිවේදන. (සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්) වෙබ් අඩවිය; documents.gov.lk
  • ඉහත සඳහන් විස්තර වෙබ් අඩවිය මගින් භාගත කරගත හැක.

විවිධ රටවල් සිතාසි යැවීම සඳහා අධිකරණ අමාත්‍යාංශය වෙත ගෙවිය යුතු මුදල පහත සඳහන් වේ,

1. ඇමරිකා එක්සත් ජනපදය - ඇ.ඩො. 96
2. කැනඩාව - කැනේඩියන් ඩො.100
3. ඉන්දුනීසියාව - ශ්‍රී ලංකා රු. 1000
4. ජපානය - ජපන් යෙන් 1000
5. නවසීලන්තය - නවසීලන්ත ඩො. 110
6. සිංගප්පුරුව - සිංගප්පුරු ඩො. 35

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ අනූව ගෙවිය යුතු මුදල පහත පරිදි වේ.

7. නිව්සවුත්වේල්ස් - ඕස්ට්‍රේලියන් ඩො. 70
8. උතුරු ප්‍රදේශය    - ඕස්ට්‍රේලියන් ඩො. 30
9. දකුණු ඕස්ට්‍රේලියාව - ඕස්ට්‍රේලියන් ඩො. 60
10. වික්ටෝරියාව/මෙල්බර්න් - ඕස්ට්‍රේලියන් ඩො. 120
11. ක්වීන්ස්ලන්ඩ් - ඕස්ට්‍රේලියන් ඩො. 30 සහ පලමු කිලෝමීටර 12 න් පසු එක් කිලෝමිටරයකට 1.65
12. බටහිර ඕස්ට්‍රේලියාව - ඕස්ට්‍රේලියන් ඩො. 60
13. Capital Territory/ Canberra - ඕස්ට්‍රේලියන් ඩො. 390

මීට අමතරව ලියවිලි යොමු කිරීමේදී මුද්දර අලවන ලද ලිපි කවර අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කිරීම අවශ්‍ය නොවන බව ද කාරුණිකව සලකන්න.

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 42.2% Sri Lanka
China 24.8% China
Singapore 15.7% Singapore
United States of America 7.4% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
066211
Today: 24
This Week: 6,251
This Month: 18,721
This Year: 66,156

Last Modified:
08 January 2026