ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ සිතාසි බෙදන්නා සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා අධිකරණ ඝෝෂක ප්‍රවේශක තනතුර සඳහා බඳවා ගැනීම (සීමිත) - 2025
17 වන ශීර්ෂය සම්පූර්ණ කිරීම සඳහා 2023 වර්ෂයේ මාර්ගෝපදේශය යොදාගනු ලැබේ.
Vacancy for Translators Sinhala / Tamil
View Vacancy PDFRecruitment to the post of Stenographer of the Labour Tribunal
View Recruitment Notice Download Specimen Applicationඅපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන) MA 1-1 (තනතුරු 02)
- Recruitment for the Posts of Process Server and Writ Executor/Crier and Usher in the Primary Semi Skilled Service Category (Limited) - 2017, The Candidates who obtained marks in order of merit in Written and Aptitude Test
- Recruitment Procedure of Supervisory Mediation Trainers
- Recruitment to the Post of Deputy Public Trustee - 2017
- Recruitment to the posts of Summon Servers and Writ Executors Crier and Ushers preliminary semi skill service category (on limited basis) - 2017
Recruitment details Specimen Application
ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 හා 2025.02.18 දිනැති ලිපිය අනුව අභ්‍යන්තර කටයුතු ඒකකයක් මෙම අමත්‍යාංශයේ පිහිටුවා ඇත.
| අභ්‍යන්තර කටයුතු ඒකකයට අදාළ තනතුර | නම | නිත්‍ය තනතුර |
| ඒකක ප්‍රධානී | කිශාන්ති මීගහපොල මෙනවිය | අතිරේක ලේකම් (ප්‍රතිසංස්කරණ) |
| සුපිළිපන්න නිලධාරි / සාමාජික | බී.ඩී.වයි.ආර්. විමලරත්න මිය | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) |
| සාමාජික | ඒ.වී. වජිරා දමයන්ති මිය | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) |
| සාමාජික | ටී.එන්. ගුණවර්ධන මිය | ප්‍රධාන ගණකාධිකාරි (අධිකරණ පරිපාලන) |
| සාමාජික | ඒ.එස්.පී. වීරසූරිය මිය | අධ්යක්ෂ (ජාතික ඒකාබද්ධතා) |
| සාමාජික | ආර්.වී. හෙට්ටිගේ මිය | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) |
| සාමාජික | සී.එන්. ලොකුහෙට්ටි මයා | අධ්යක්ෂ (බන්ධනාගාර) |
| සාමාජික | එස්.එම්.යූ.එස්. සමරකෝන් මයා | අධ්යක්ෂ (සැලසුම්) |
| සාමාජික | යූ.එල්.එම්.ජේ. ජයතිලක මිය | අධ්යක්ෂ (සංවර්ධන) |
| සාමාජික | ඩී.ටී.එන්.ඩී. ගම්මුනගේ මිය | අධ්යක්ෂ (ප්‍රතිසංස්කරණ) |
| සාමාජික | බී.එස්.සී.කේ. මුණසිංහ මයා | අධ්යක්ෂ (ඉංජිනේරු) |
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු
- ආයතනය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියළුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගකීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
- ආයතනය තුල සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්
- ආයතනය තුල පවතින පද්ධතිමය බාධාවන් ( systemic bottlenecks) හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
- දූෂණ අවධානම් ඇගයීම් ( Corruption Risk Assessment) සිදු කිරීම මඟින් ආයතනය තුල දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම් වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්ක ගත වැලැක්වීමේ පියවර ගැනීම.
- ආයතනයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුලත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
- ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළ ගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ග වලට අනුකූල වීම.
- 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කල යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම.
- සියළුම රාජ්‍ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයන් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටම් කළමනාකරණය කිරීම.
- ආයතන තුල දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියළුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගකීම සහතික කරමින් විමසීම් සිදුකරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයා ගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
- ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
- රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාරධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
- දූෂණ විරෝධී මූලධර්ම වලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම ( National Anti Corruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාත්මක කිරීම.
- ඒකකයේ රාජකාරී ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මඟ පෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
- අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම් වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශ ගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
- පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
පැමිණිලි ඉදිරිපත් කිරීම
මෙම අමාත්‍යාංශයේ නිලධරයෙකු හෝ අමාත්‍යාංශය මඟින් සැපයෙන සේවාවක් සම්බන්ධයෙන් මෙන්ම අමාත්‍යාංශයේ සේවා සැපයීම වර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනා පහත ක්‍රම මඟින් අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත ඉදිරිපත් කළ හැකිය.
තැපැල් ලිපිනය: අභ්‍යන්තර කටයුතු ඒකකය, නො: 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10
දුරකථන අංකය: 0112323022
WhatsApp අංකය: 0773996124
විද්‍යුත් තැපැල් ලිපිනය:
QR කේතය:








