දිවුරුම් දුන් භාෂා පරිවර්තක - දේශීය භාෂා
සුදුසුකම්
- අධිකරණ අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයෙන් සමත් වීම.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පරිපාටිය
- අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකළ යුතු අතර ඊට අදාල දිගුව (Link) තොරතුරු අවසානයේ දැක්වේ.
- අයදුම්පත නිවැරදිව සම්පුර්ණ කළ යුතු අතර ඉදිරි දැනුවත් කිරීම් සඳහා ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හා දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කළ යුතුය.
- විභාග ගාස්තු ගෙවීම් සම්බන්ධ ලදුපතේ මුල් පිටපත නිවැරදිව උඩුගත (Upload) කළ යුතුය.
- ප්‍රශ්න පත්‍ර පහත පරිදි සකස් වන අතර එක් ප්‍රශ්න පත්රයකට වඩා මුහුණ දීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් අදාළ පරිදි මුදල් ගෙවා අයදුම් කළ යුතුය.
සිංහල/ඉංග්‍රීසි
සිංහල/දෙමළ
දෙමළ /ඉංග්‍රීසි
- වර්ෂය මුළුල්ලේ අයදුම්පත් භාර ගැනෙන අතර අගෝස්තු මස 31 දින හෝ ඊට පෙර යොමු කර ඇති අයදුම්පත් සඳහා එම වසරේදී විභාගය පැවැත්වේ.
- විභාගය පවත්වනු ලබන දිනයට පෙර විභාග ප්‍රවේශ පත්‍ර අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
විභාග ගාස්තු
- දේශීය භාෂා සඳහා විභාග ගාස්තු පහත පරිදි වේ.
සිංහල/ඉංග්‍රීසි - රු. 1000.00
සිංහල/දෙමළ - රු. 1000.00
දෙමළ /ඉංග්‍රීසි - රු. 1000.00
- විභාග ගාස්තුව ලේකම්, අධිකරණ අමාත්‍යාංශය නමින් මහජන බැංකුවේ නගර මධ්‍ය ශාඛාවේ පවත්නා 176 – 1 – 001 – 9 – 9025184 ගිණුම් අංකයට බැර කොට එම ලදුපතේ මුල් පිටපත නිවැරදිව උඩුගත (Upload) කළ යුතුය.
තෝරාගැනීම සහ පත්කිරීම සඳහා වූ ක්‍රියාපටිපාටිය
- ඉහත විභාගය සමත් අපේක්ෂකයින් තමා පදිංචි ප්‍රදේශයෙහි දිසා අධිකරණ විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් ලෙස පත්කරනු ලැබේ.
- දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් ලෙස පත්වීම් ලැබීමට සුදුසුකම්ල ත් අපේක්ෂකයින්ගේ නාම ලේඛනය සියළු දිසා විනිසුරුවරුන් වෙත අධිකරණ අමාත්‍යාංශයේ තොරතුරු ද්වාරය (Information Portal) මගින්යො මු කෙරේ.
- සුදුසුකම්ලත් සෑම අපේක්ෂකයෙකුම සිය අනන්‍යතාවය තහවුරු කර අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් තම පත්වීමට අදාළ නිර්දේශ ලිපිය බාගත කර ගත යුතු අතර දිසා විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීම සඳහා දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් දිනයක් ලබා ගතයුතුය.
- දිසා අධිකරණයේ දිවුරුම් දුන් සෑම භාෂා පරිවර්තකයෙකුම, දිවුරුම් දීමෙන් පසු වහාම දිවුරුම හෝ සහතිකය සමඟ පත්වීම් ලිපියේ සහතික කළ පිටපතක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
මාර්ගගතව අයදුම් කරන්න
දිවුරුම් දුන් භාෂා පරිවර්තක - විදේශ භාෂා
සුදුසුකම්
- අධිකරණ අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයක් හෝ සුදුසුකම් පරීක්ෂාවකින් සමත් වීම.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පරිපාටිය
- අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකළ යුතුය.
- ගූගල් පෝරමය (Google Form) නිවැරදිව සම්පුර්ණ කළ යුතු අතර ඉදිරි දැනුවත් කිරීම් සඳහා ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හා දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කළ යුතුය.
- ගූගල් පෝරමය (Google Form) නිවැරදිව සම්පුර්ණ කළ යුතු අතර ඉදිරි දැනුවත් කිරීම් සඳහා ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හා දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කළ යුතුය.
- වර්ෂය මුළුල්ලේ අයදුම්පත් භාර ගැනෙන අතර අගෝස්තු මස 31 දින හෝ ඊට පෙර යොමු කර ඇති අයදුම්පත් සඳහා සැප්තැම්බර් මාසයේදී විභාගය පැවැත්වේ.
- විභාගය පවත්වනු ලබන දිනයට පෙර විභාග ප්‍රවේශ පත්‍ර අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය./li>
විභාග ගාස්තු
- විභාග ගාස්තු සම්බන්ධව ඔබගේ විද්‍යුත් තැපැල් (E-Mail) ලිපිනය හරහා පමණක් දැනුම් දෙනු ලැබේ.
තෝරාගැනීම සහ පත්කිරීම සඳහා වූ ක්‍රියාපටිපාටිය
- ඉහත විභාගය සමත් අපේක්ෂකයින් තමා පදිංචි ප්‍රදේශයෙහි දිසා අධිකරණ විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් ලෙස පත්කරනු ලැබේ.
- සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් පත්වීම් ලැබීමට සුදුසුකම් ලබන බවට නිර්දේශ ඇතුළත් ලිපි එකී අපේක්ෂකයන් පදිංචි ප්‍රදේශයන් හී දිසා අධිකරණ විනිසුරුවරු වෙත යොමුකරන අතර එහි පිටපතක් අපේක්ෂකයා වෙතද යොමු කෙරේ.
- එම පත්වීම් ලිපිය ලැබීමෙන් පසු, සුදුසුකම්ලත් සෑම අපේක්ෂකයෙකුම දිසා විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් දිනයක් ලබා ගත යුතුය.
- දිසා අධිකරණයේ දිවුරුම් දුන් සෑම භාෂා පරිවර්තකයෙකුම, දිවුරුම් දීමෙන් හෝ සහතික කිරීමෙන් පසු වහාම දිවුරුම හෝ සහතිකය සමඟ පත්වීම් ලිපියේ සහතික කළ පිටපතක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
මාර්ගගතව අයදුම් කරන්න
පසුගිය ප්‍රශ්න පත්‍ර
දිවුරුම් දුන් භාෂා පරිවර්තක - දේශීය භාෂා විභාගය (2025)
දිවුරුම් දුන් භාෂා පරිවර්තක දේශීය භාෂා විභාගය සඳහා සුදුසුකම් ලද අයදුම් කරුවන්ගේ ලේඛනය පහත දැක්වේ.
ඒ අනුව 2025.08.31 දින හෝ එදිනට පෙර අදාල විභාග ගාස්තු ගෙවන ලද අයදුම්කරුවන් පමණක් 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගය සඳහා සුදුසුකම් ලබයි.2025.08.31 දින හෝ එදිනට පෙර නියමිත විභාග ගාස්තු ගෙවීම් කර තාක්ෂණික දෝෂ හේතුවෙන් අයදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් පහත ලේඛණ හා තොරතුරු 2025.10.10 දිනට පෙර
Required Documents
- මුදල් ගෙවන ලද බිල් පතෙහි පැහැදිලි ඡායා රූපයක් (Photo) හෝ ඡායා පිටපතක් (Scan Copy)
Required Information
- සම්පුර්ණ නම (මයා, මිය, හිමි, වෙනත්)
- හැඳුනුම්පත් අංකය
- ලිපිනය
- ඇතුළත් වීමේ අංකය
- දිස්ත්‍රික්කය (ස්ථිර පදිංචිය අනුව)
- දිසා අධිකරණය (ස්ථිර පදිංචිය අනුව)
- භාෂා කාණ්ඩය
- දුරකථන අංකය
- ඊමේල් ලිපිනය
සැල. යු :- දිස්ත්‍රික්කය හා දිසා අධිකරණය අයදුම්කරුගේ ස්ථිර ලිපිනය අනුව සඳහන් කළ යුතුය
තවද සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගේ ලේඛනයෙහි සඳහන් තොරතුරුවල වෙනස් කම් සිදුවිය යුතු නම් ඒ බව 2025.10.10 දිනට පෙර
විභාගය පැවැත්වීම සම්බන්ධ ඉදිරි පියවර අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (www.moj.gov.lk) මඟින් හා ඔබ විසින් ඉදිරිපත් කර ඇති විද්‍යුත් තැපැල් ලිපිනය මගින් ඉදිරියේදී දැනුවත් කරනු ඇත.
දිවුරුම් දුන් භාෂා පරිවර්තක - දේශීය භාෂා විභාගය (2024)
| භාෂාව | කඩඉම් ලකුණු |
| සිංහල/ඉංග්‍රීසි | 45 |
| සිංහල/දෙමළ | 42 |
| දෙමළ/ඉංග්‍රීසි | 44 |
ප්‍රතිඵල බලන්න
නැවත සමීක්ෂණ විභාග ප්‍රතිඵල
දිවුරුම් දුන් භාෂා පරිවර්තක දේශීය භාෂා විභාගයේ නැවත පරීක්ෂා කරන ලද ප්‍රතිඵල පහත දිගුව තුළින් ලබා ගත හැකිය
නිර්දේශ ලිපි
සාර්ථක අපේක්ෂකයින් අනුගමනය කළ යුතු පියවර:
- ඔබගේ නිර්දේශ ලිපිය වෙත පිවිසෙන්න
- සබැඳියට පිවිසෙන්න: මෙහි ක්ලික් කරන්න
- ඔබගේ නිර්දේශ ලිපිය බාගන්න
- ඔබේ දිවුරුම උපලේඛනගත කරන්න.
- දිස්ත්‍රික් උසාවියේ රෙජිස්ට්‍රාර් අමතන්න
- දිස්ත්‍රික් විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට දිනයක් ලබා ගන්න.
- ඔබේ ලියාපදිංචිය සම්පූර්ණ කරන්න
අවශ්‍ය ලියකියවිලි
-පත්වීම් ලිපියේ සහතික කළ පිටපතක්
- දිවුරුමේ / සහතිකයේ පිටපතක්
අවශ්‍ය තොරතුරු
- සම්පූර්ණ නම
- ලිපිනය
- ඇතුළත් වීමේ අංකය
- හැඳුනුම්පත් අංකය
- සම්බන්ධතා අංක දෙකක්
මෙම ක්‍රියාවලිය මඟින් අලුතින් සුදුසුකම් ලත් පරිවර්තකයින් අධිකරණ අමාත්‍යාංශයේ නිසි ලෙස ලියාපදිංචි වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ දිවුරුම් දුන් පරිවර්තකයින් ලෙස නීත්‍යානුකූලව සේවය කළ හැකි බවත් සහතික කෙරේ. ඔබේ ලියාපදිංචියේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා දිවුරුමෙන් පසු සියලු පියවර වහාම සම්පූර්ණ කිරීමට වග බලා ගන්න.
දිවුරුම් දුන් භාෂා පරිවර්තක (2023)
දිවුරුම් දුන් පරිවර්තක විභාගය – 2023 (විදේශ භාෂා) ප්‍රතිඵල - සමත් ලකුණු 50 යි
දිවුරුම් දුන් පරිවර්තක විභාග ප්‍රතිඵල 2023 (දේශීය භාෂා)
සිංහල/ඉංග්‍රීසි(සමත් ලකුණු 26)
සිංහල/දෙමළ(සමත් ලකුණු 31)
දෙමළ/ඉංග්‍රීසි(සමත් ලකුණු 32)
නැවත - නිවැරදි කිරීම
ලියාපදිංචි අංක
දිවුරුම් දුන් භාෂා පරිවර්තක නාමාවලිය යාවත්කාලීන කිරීම හා අදාළ නිල මුද්‍රාව සකස් කිරීමට අදාළ උපදෙස්
- දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාග සමත් වු ඔබ අදාළ බල ප්‍රදේශයේ දිසා අධිකරණයේ දිවුරුම් දී, ඒ පිළිබඳව අප අමාත්‍යාංශය දැනුවත් වු පසු, අමාත්‍යාංශයේ දිවුරුම් දුන් භාෂා පරිවර්තක නාමාවලියට ඔබගේ නම ඇතුළත් වේ.
- එමෙන්ම‚ ඔබ විසින් ඉදිරියේදී පරිවර්තනය කරනු ලබන ලිපි ලේඛන සහතික කිරීමට අවශ්‍ය නිල මුද්‍රාව සැකසීමේදී පහත කරුණු සැළකිය යුතුය.
- ඒ අනුව ඔබගේ නිල මුද්‍රාවේ,
(i) නම,
(ii) තනතුර,
(iii) ලියාපදිංචි අංකය,
(iv) දිවුරුම් දුන් භාෂාවන්,
(v) ලිපිනය හා,
(vi) දුරකථන අංකය/ අංක ඇතුළත් කළ යුතුය. - තවද, දිවුරුම් දුන් සෑම පරිවර්තකයෙකුගේම අත්සන පහත දක්වා ඇති පෝරමයෙන් අමාත්‍යාංශයට යැවිය යුතුය.)
ආදර්ශ නිල මුද්‍රාව
විමසීම් විස්තර
සාමදාන විනිශ්චයකාරවරයාගේ කාර්යභාරය
මහජනයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශ / ලේඛන හෝ වෙනත් එවැනි ලියවිලි සහතික කිරිමේ බලය සාමදාන විනිශ්චයකාරවරයට පැවරි ඇත
සුදුසුකම්
සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස නියමිත පරිදි පත් කරනු ලැබීමෙන් අනතුරුව, අදාළ අධිකරණයෙහි දිවුරුම ලබා දී අනුසන් කොට හෝ ප්‍රතිඥාව ලබා දී අනුසන් කොට තිබිය යුතුය.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පටිපාටිය
නියමිත ඇමුණුම් සහිතව නිසි පරිදි සම්පූර්ණ කොට ඇති අයදුම්පත්‍ර ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු හෝ සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී අධිකරණ අමාත්‍යාංශයේ සාමදාන විනිශ්චයකාර අංශයට ගෙනැවිත් බාර දිය යුතුය.
සාමදාන විනිශ්චයකාර හැඳුනුම්පත් සඳහා අයදුම්පත්‍රය
අධිකරණ අමාත්‍යාංශයේ සාමදාන විනිශ්චයකාර ඒකකයෙන් හෝ පිළිගැනීමේ කවුළුවෙන් අයදුම්පත් ලබා ගත හැක
සාමදාන විනිශ්චයකාර හැඳුනුම්පත් අයදුම්පත්‍ර සඳහා ගාස්තු
මෙම සේවය නොමිලයේ ලබා දේ.
අයදුම්පත්‍ර පිළිගැනීම
නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12 යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී අධිකරණ අමාත්‍යාංශයේ සාමදාන විනිශ්චයකාර ඒකකයට ගෙනැවිත් බාර දිය හැක.
සාමදාන විනිශ්චයකාර අයදුම්පත් පිළිබඳව කටයුතු කිරීම සහ නිකුත් කිරීම සඳහා ගෙවිය යුතු ගාස්තු
මහජන බැංකුවේ කොළඹ 10 පිහිටි මධ්‍යම නගර ශාඛාවේ 176-1-001-9-9025184 දරන ගිණුම් අංකයට ‘අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්’ නමින් රු. 200/- ක මුදලක් බැර කළ යුතු අතර ගෙවීම තහවුරු කිරීම සඳහා බැංකුව විසින් නිකුත් කරන ලද බැර පත්‍රිකාව අයදුම් පත්‍රයට අමුණා එවිය යුතුය. මෙම ගෙවීම අධිකරණ අමාත්‍යාංශයේ ගිණුම් අංශයට ද සිදු කළ හැක.
සාමදාන විනිශ්චයකාර අයදුම්පත් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කර හැඳුනුම්පතේ නිකුත් කිරීම සඳහා ගතවන කාලය සාමාන්‍ය සේවා කාලයයි.
සාම විනිසුරු හැඳුනුම්පත සකස් කිරීම සඳහා මෙතෙක් අය කළ රු.200ක මුදල 2023.10.01 දින සිට රු. 500ක් ලෙස සංශෝධනය වන බව කාරුණිකව දැනුම් දෙමු.
ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලේඛණ
- අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද පත්වීමේ ලිපියේ ඡායා පිටපතක් (කරුණාකර ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් අත්සන් කරන ලද ආවරණ ලිපිය එවීමෙන් වළකින්න.)
- දිවුරුම ලබා දී අනුසන් කරනු ලැබුයේ නම් හෝ ප්‍රතිඥාව ලබා දී අනුසන් කරනු ලැබුයේ නම් අධිකරණය හමුවේ ලබා දුන් දිවුරුමේ / ප්රතිඥාවේ පිටපතක්
- ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්.
- සාමදාන විනිශ්චයකාර හැඳුනුම්පත සඳහා අයදුම්පත්‍රයක් ආසන්න මාස හය ඇතුළත ලබාගත් මි.මී. 40 x මි.මී. 40 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප දෙකේ (පත්වීමේ ලිපියේ 08 වන ඡේදයේ විධිවිධාන සලස්වා ඇති පරිදි අයදුම්කරුගේ නම සහ සාමදාන විනිශ්චයකාර ලියාපදිංචි අංකය ඡායාරූපය පසුපිටේ ලිවිය යුතුය.)
- ගෙවීම තහවුරු කිරීමෙ කුවිතාන්සිය (ගෙවීම සිදුකලේ බැංකුවට නම බැරපත, අධිකරණ අමාත්‍යාංශයට ගෙවීමසිදු කළේ නම් සරප් විසින් නිකුත් කළ කුවිතාන්සිය)
- නේවාසික ලිපිනයේ යම් වෙනසක් සිදුවී ඇත්නම්, ග්‍රාම සේවා නිලධාරී නිකුත් කළ පදිංචි සහතිකය.
- සාමදාන විනිශ්චයකාර හැඳුනුම්පත තැපෑලෙන් එවීම පිණිස අයදුම්කරුගේ නම සහ ලිපිනය ලියූ රු 110 ක් වටිනා මුද්දර ඇලවූ ලියුම් කවරයක්.
List of Ex-Officio Justices of the Peace in Sri Lanka
- H.E. the President
- Hon. Prime Minister
- Hon. Speaker
- His Lordship the Chief Justice
- Hon. Ministers
- Members of Parliament
- Secretaries to Ministries
නියෝග
සමාදාන විනිශ්චයකාර පත්වීම්
විමසීම් විස්තර
| Document | Download |
| සමාදාන විනිශ්චයකාර හැඳුනුම්පත සඳහා අයදුම්පත්‍රය | ![]() |
| සමාදාන විනිශ්චයකාරවරුන්ගේ කාර්යභාරය | ![]() |
| 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත
Gazette Extraordinary No. 2226/12 - 03.05.2021 |
![]() |
දිවුරුම් කොමසාරිස්වරයාගේ කාර්යභාරය
මහජනයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශ / ලේඛන හෝ වෙනත් එවැනි ලියකියවිලි සහතික කිරිමේ බලය දිවුරුම් කොමසාරිස් වෙත පැවරි ඇත.
සුදුසුකම්
ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් නීතිඥයෙකු විය යුතුය.
ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලේඛන
- ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් සහතික කරන ලද නීතීඥවරයෙකු වශයෙන් ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
අයදුම්පත්‍ර සඳහා පරිපාටිය
නීතිඥයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීමෙන් අනතුරුව පහත පරිදි දිවුරුම් කොමසාරිස් තනතුර සඳහා අයදුම් කල හැකිය
අයදුම් කිරීමේ ක්‍රමවේදය
දිවුරුම් කොමසාරිස් අයදුම්පත්‍ර අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශයේ විෂයභාර නිලධාරී වෙතින් ද, අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහාද අයදුම්පත්‍රය ලබා ගත හැකිය. එසේම, අයදුම්පත්‍රයක් යොමු කිරීමකින් තොරව පහත දක්වා ඇති දිගුව ඔස්සේ මාර්ගගතව අයදුම් කිරීමේ හැකියාව පවතී. මාර්ගගතව අයදුම් කරන අයදුම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් සහතික කරන ලද නීතීඥවරයෙකු වශයෙන් ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් මාර්ගගත අයදුම්පත්‍රය හරහා උඩුගත කල යුතුය. එසේ පිටපත උඩුගත කිරීමේ අපහසුතාවයක් පවතී නම් එය සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශය (කළුතොට ගොඩනැගිල්ල, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10) වෙත භාරදීමට හෝ තැපෑලෙන් එවීමට හෝ 0112-446226 දරන අංකයට ෆැක්ස් මගින් එවීමට හැකිය
ගෙවිය යුතු ගාස්තු
මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
විෂය භාර කාර්ය මණ්ඩල නිලධාරීන්
මාර්ගගත පත්වීම් ලිපිය
සුදුසුකම්
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
- පත්වීමට පෙර අත්‍යාසන්න වසර 02 තුළ අදාළ බලප්‍රදේශයේ නිත්‍ය පදිංචිකරුවෙකු විය යුතුය.
- වයස අවුරුදු 30 ට නොඅඩු සහ අවුරුදු 55 ට නොවැඩි විය යුතුය.
- සාමාන්‍ය සම්මාන තුනක් සහිතව අ.පො.ස. (උසස් පෙළ) සමත්ව තිබිය යුතුය. (ජීව විද්‍යා අංශයෙන් සමත්වූවන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙනු ලැබේ.
- යහපත් මානසික හා ශාරීරික තත්ත්වයන් සහිත විශිෂ්ඨ චරිතයකින් හෙබි අය විය යුතුය.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පටිපාටිය
- හදිසි මරණ පරීක්ෂක ඇබෑර්තු පිරවීම පිණිස අයදුම්පත්‍ර කැඳවන රජයේ ගැසට් පත්‍රයේ දක්වා ඇති අවසන් දින හෝ ඊට පෙර අයදුම්පත්‍ර එවිය යුතුය.
- රජයේ ගැසට් පත්‍රයේ පළකොට ඇති හෝ අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ආකෘති පත්‍රය අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12 යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ අධිකරණ අමාත්‍යාංශයේ පිළිගැනීමේ කවුළුවට හෝ සමාදාන විනිහ්චයකාර ඒකකයට ගෙනැවිත් භාර දිය හැක.
චක්‍රලේඛ
නව ස්ථාවර කාර්ය සංග්‍රහය අනුව හදිසි මරණ පරීක්ෂකවරුන් අන්තර්ග්‍රහණය කිරීම
අවසාන දිනය 2023-05-21 දක්වා දීර්ඝ කර ඇති අතර කිසිම හේතුවක් මත මෙම දිනය නැවත වෙනස් නොවේ..
විෂය භාර කාර්ය මණ්ඩල නිලධාරීන්








