Accessibility Tools

moj logo

Open menu

බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්  අද පෙරවරුවේ (4) තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී   සිදු විය.

ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුල් ළමා විය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මඟින් පෙර පාසැල් ගුරුවරුන් 15 දෙනෙකු පුහුණු කිරීමට නියමිත අතර, මුලික පියවර ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් වෙනුවෙන් එම බන්ධනාගාර පරිශ්‍රය තුළ මුල්  ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සිදු කරනු ලබයි.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, බන්ධනාගාර කොමසාරිස් එස්.කේ.පල්ලෙතැන්න, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් සුගත් සිසිර කුමාර යන මහත්වරුන් මුල් ළමා විය සංවර්ධන නිලධාරීන් සහ පෙර පාසැල් ගුරුවරුන් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Img 01 Img 02 Img 03 Img 04

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026