1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව පිහිටුවන ලද අතර, ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව නීති ප්‍රතිසංස්කරණ නිර්දේශ කරනු ලබන රජයේ ප්‍රධානම ආයතනය වේ. පරිපාලනය සඳහාත්, පර්යේෂණ සඳහා සහයෝගය ලබාදීම සඳහාත්, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී.
දැක්ම
යහපාලනය උදෙසා නීතියේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම.
මෙහෙවර
නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා 1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනතේ දක්වා ඇති කාර්යයන් ක්රියාවේ යෙදවිම.
කාර්යයන්
නීති කොමිෂන් සභාවේ ප්‍රධාන අරමුණ වනුයේ, නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම වේ. එවැනි ප්‍රවර්ධන අරමුණු කරගනිමින් නීති කොමිෂන් සභාව මගින් පහත දක්වා ඇති කාර්යයන් ක්‍රියාවට නංවනු ලබයි.
- නීතිය සංග්‍රහ ගත කිරීම.
- නීතියේ විෂමතා නැති කිරීම.
- හරයාත්මක නීතිය මෙන්ම කාර්ය පටිපාටික නීතියද ක්‍රමානුකූලව සංවර්ධනය කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් සමාලෝචනය කිරීම සහ පවත්වාගෙන යාම.
- කාලෝචිත නොවන සහ අනවශ්‍ය පනත් ඉවත් කිරීම.
- නීතිය සරල කිරීම සහ නවීකරණය කිරීම.
- නීති ප්‍රතිසංස්කරණය සඳහා වන යෝජනා භාරගෙන ඒවා සලකා බැලීම.
- ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් නීතියේ විවිධ අංශ පරීක්ෂා කිරීම සඳහා වන වැඩසටහන් කලින් කලට සකස්කොට අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම.
- වෙනත් රටවල නීති ක්‍රම පිළිබඳව තොරතුරු ලබා ගැනීම.
- අනු නීති මනාව පිළිගත් සිද්ධාන්තවලට හා නීතියේ මහිමයට අනුකූල වන බව සුරක්ෂිත කිරීමේ අදහසින්, පාර්ලිමේන්තුව නොවන වෙනත් මණ්ඩල විසින්, අනු නීති සෑදීමේ බලය ක්‍රියාත්මක කිරීම නිරන්තරයෙන් සමාලෝචනය කිරීම.
- නඩුකීම හා සම්බන්ධ පරිපාලනාත්මක ස්වභාවයේ කාර්ය පටිපාටිය ඇතුළුව නීති කාර්ය පටිපාටි තර්කාපණය කිරීම හා සරල කිරීම සඳහා වැඩසටහන් ක්‍රමානුකූලව සකස් කිරීම.
- සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් නීතිය සංග්‍රහ ගත කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම.
ලේකම්
ශ්‍රී ලංකා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව,
සිව්වැනි මහල,
අධිකරණ අමාත්‍යාංශය නව ගොඩනැගිල්ල,
අංක: 80, අධිකරණ මාවත,
කොළඹ 12.
+94 112 333 884
+94 112 333 884
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න
ශ්‍රි ලංකා අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් 11 දෙනා අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන අතර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලැබෙන සියළුම ඉල්ලුම්පත්‍ර එම අධිකරණය විසින් විභාග කරනු ලබයි.
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පහත කරුණු සම්බන්ධයෙන් බලය ලබාදෙයි.
- මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය
- අවසාන අභියාචනා අධිකරණ බලය
- උපදේශක අධිකරණ බලය
- මැතිවරණ පෙත්සම් (ජනාධිපතිවරණ) සම්බන්ධ අධිකරණ බලය
- කවරම ආකාරයක හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳ අධිකරණ බලය
- පාර්ලිමේන්තුව විසින් නිතියෙන් නියම කරනු ලැබිය හැකි වෙනත් කාරණවක් පිළිබඳ අධිකරණ බලය
ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් කාර්යාලය ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සඳහා සහාය දක්වන අතර ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයේ 234 ශීර්ෂය යටතේ ප්‍රතිපාදන සපයයි. ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ කාර්යයන් පහත පරිදි වේ.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්තා තබා ගැනීම.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස්වීම් පිළියෙල කිරීම සහ ඉල්ලීම් දින ගත කිරීම.
- අධිකරණ නියෝගයන්ට සහ නඩු තීන්දුවලට අනුකූලව ප්‍රකාශ වාර්තා ගත කිරීම.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරුන් බඳවා ගැනීම.
- අභියාචනා අධිකරණයෙන් ලැබෙන අභියාචනා නඩුවල පිටපත් සකස් කිරීම නඩු ගාස්තු තක්සේරු කිරීම.
නිතිඥ එම්.එම්. ජයසේකර මිය
+94 112 435 446
ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙබ් අඩවියට පිවිසෙන්න
දැක්ම
සාධාරණ සහ නීති ගරුක සමාජයක් ගොඩනැගීම.
මෙහෙවර
අධිකරණ, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ වෙනත් ආයතනවලට අධිකරණ විද්‍යා සහ ආහාර විද්‍යා ක්ෂේත්රයන් සම්බන්ධ විශ්ලේෂණ, විශේෂඥ සහ උපදේශක සේවාවන් සැපයීම
කාර්යයන්
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ විද්‍යා අංශය සහ ආහාර විද්‍යා අංශය යන ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වන අතර එය ලංකාවේ ඇති එකම අධිකරණ විද්‍යා රසායනාගාරය වේ. ආහාර විද්‍යා අංශය, ආහාර හා මධ්‍යසාර, කිරි සහ ජලය යනුවෙන් වූ විද්‍යා හතරකින් ද අධිකරණ විද්‍යා අංශය ප්රක්ෂිප්තවිද්යා, පුපුරණ ද්‍රව්‍ය සහ ගිණි විමර්ශන, මත්ද්‍රව්‍ය අංශය, මස්තු විද්‍යා හා DNA, අධිකරණ ධුලක විද්‍යා, සැක කටයුතු ලේඛන අංශය, විවිධ අංශය යනුවෙන් ප්‍රධාන අංශ හතකින්දයනුවෙන් අනු අංශ 11කින් සමන්විත වේ. මෙය සේවාවන් සඳහා වෙන්වූ දෙපාර්තමේන්තුවක් වන අතර උසාවි, පොලිස්, රේගුව, සුරාබදු,පළාත් පාලන ආයතන,සෞඛ්‍ය,වරාය,වෙනත් රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන මගින් යොමුකරනු ලබන නඩුභාණ්ඩ විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කිරීම සහ ඒවා පිළිබඳ වාර්තා නිකුත් කිරීම කරනු ලැබේ. මීට අමතරව විවිධ රාජ්‍ය, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය, අනුග්‍රහය ලබන ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන ආහාර, මත්පැන්, කිරි හා ඒ ආශ්රිත නිෂ්පාදන ආදර්ශවලතත්වය පිළිබඳ පරීක්ෂා කරනු ලබන අතර ශ්‍රි ලංකා රේගුව යොමුකරන ආදර්ශ තත්ත්වය සහ තීරුබදු වර්ගීකරණය යන කරුණු දෙකම උදෙසා පරීක්ෂා කරනු ලබයි. තවද අධිකරණ මඟින් ඉදිරිපත් කරනු ලබන සැක සහිත ලේඛණ පරීක්ෂා කිරීම හා වාර්තා කිරීමද මෙම දෙපාර්තමේන්තුව මඟින් කරනු ලබයි.
පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබන සියඵම නඩු භාණ්ඩ හෝ වෙනත් ආදර්ශ, ආහාර හා ඖෂධ පනත, ජාතික පාරිසරික පනත, සුරාබදු ආඥා පනත, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත, සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ පනත, පළිබෝධනාශක පාලනය කිරීමේ පනත, ගිණිඅවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය පනත, විෂ වර්ග, අබිං සහ අන්තරායකාර ඖෂධ පනත, තහනම් පිහි පනත, මෝටර් වාහන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සිවිල් නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත වැනි විවිධ අණ පනත් යටතේ පරීක්ෂණයන්ට භාජනය කර වාර්තා නිකුත් කිරීම මෙම දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරේ.
මෙවැනි සේවා සැපයීමට අමතරව මෙම දෙපාර්තමේන්තුවේ සිටින විවිධ ක්ෂේත්රවල නිපුණතා ලබා ඇති විද්‍යාඥයින් විසින් රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනවලට විද්‍යාත්මක උපදේශනයන්ද ලබාදීම සිදු කරයි. විශේෂයෙන්ම ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ විවිධ ප්‍රමිති පිරිවිතර සෑදීමේදී මෙම නිලධාරීන්ගෙන් විශාල දායකත්වයක් ලැබේ. ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය ආයුධ හා උපකරණ මිලදී ගැනීම් වලදී තාක්ෂණික කමිටු වලට විශේෂඥ සහාය ලබාදීමද මෙම නිලධාරීන් විසින් සිදුකරනු ලැබේ.
අංක 31, ඉසුරු මාවත,
පැලවත්ත,
බත්තරමුල්ල.
+94 112 176 800 / +94 112 786 395
+94 112 786 394
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසෙන්න
දැක්ම
නිශ්චල දේපල සම්බන්ධයෙන්වු ණය ගනුදෙනු වලින් පීඩාවට පත්වු මහජනයාට ණය බරින් නිදහස් වීමට සහනදායී වැඩ පිළිවෙළක් සලසාදීම.
මෙහෙවර
උකස්කරයක්, පොරොන්දු සින්නක්කරයක් හෝ හුදෙක් ණය ගනුදෙනුවක් සඳහාම සින්නක්කර ඔප්පු සම්බන්ධව ගත් ණය මුදලක් සඳහා ඇපයට බැඳී ඇති කෘෂිකාර්මික හෝ ගේදොර ඉඩකඩම්ආදි වු නිශ්චල දේපලක් ණය සහනදායි අන්දමට වාරික මඟින් හා අඩු පොලී අනුපාතයට ගෙවා නිදහස් කරගැනීමට ණයකරුවන්ට අවශ්‍ය නීතිමය රැකවරණය හා සහන සලස්වාදීම.
අරමුණ
නිශ්චල දේපල සම්බන්ධයෙන් උකස්කර, පොරොන්දු සින්නක්කර හා හුදෙක් ණය ගනුදෙනුවක් සඳහාම ලියන ලද සින්නක්කර හා අනෙකුත් බැඳීම් කෙරෙහි ව අයවිය යුතු ණය පිළිබඳව සම්මුතිවලට පාර්ශවයන් පැමිණවීම.
1941 අංක 39 දරණ ණය සහනදායක අඥාපනත යටතේ මෙම දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. මෙම මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මඟින් මුදල් හිමියන් විසින් අත්තනෝමතික ලෙස ණය ගැතියන් ගසාකනු ලැබීමට ඇති ඉඩකඩ අසුරනු ලබයි, මණ්ඩලයේ මුලික පරමාර්ථය මෙය වුවද එමඟින් ණය හිමියන්ටද අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබයි. උකස් ඔප්පු පිට හා පොරොන්දු සින්නක්කර ඔප්පු පිට බැඳී ඇති නිශ්චල දේපල පිළිබඳව ණය කරුට පහසු වන්නා වුත් ණය හිමි පිළිගනු ලබන්නා වුත් කොන්දේසි මත එම දේපල බේරා ගැනිමට උපකාර කිරීම මෙම මණ්ඩලයේ පරමාර්ථයයි. මෙම මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්‍ර සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරෙන අතර මණ්ඩලයේ කටයුතු මුද්දර ගාස්තුවලින් තොරව ඉටුකරනු ලැබේ. ගැසට් හා නෙතිසි ගාස්තු වශයෙන් අයකරනු ලබන්නේ ඉතා සුළු මුදලක් වන බැවින් ණය බරින් මිරිකී සිටින ජනතාවට මෙමඟින් ලැබී ඇති සේවය අති විශාලය. එසේම තමා වෙනුවෙන් මණ්ඩලය ඉදිරියේ නීතිඥයින් ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බැවින් එයින් මහජනතාවට සිදුවන සේවය ඉමහත්ය.
මෙම මණ්ඩලය අමාත්‍යවරයා පත් කරනු ලබන සමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් එක් සමාජිකයෙකු මණ්ඩලයේ සභාපති ලෙස අමාත්‍යවරයා විසින් පත්කරනු ලබයි. මෙම මණ්ඩලයේ රාජකාරී කටයුතු සාමාන්‍ය අධිකරණයක පවත්නා ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මණ්ඩලය ඉදිරියේදි එළඹෙන ගිවිසුම් පාර්ශවකරුවන් ඔවුනොවුන් කැමැත්තෙන් එළඹෙන ගිවිසුම් මිස ණය සහන දායක මණ්ඩලයේ විධාන ක්‍රියාත්මක කිරීමක් නොවෙයි. එසේ වුවද අසාධාරණ පොලී ප්‍රමාණයන් අඩු කිරිමටද මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන සාධාරණ යෝජනා ණය හිමියන් විසින් පිළිනොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආඥාපනත යටතේ ණය කරුවන්ට සහතිකයක් නිකුත් කිරීමටද මණ්ඩලයට බලතල ඇත. එසේම ණයහිමි පාර්ශවය අවසාන විභාගය සඳහා නිකුත් කල නොතීසිය පරිදි විභාගයට නොපැමිණිය හොත් ඒක පාක්ෂික නඩු විභාගයකින් අනතුරුව ණයකරු වෙත සහතිකයක් නිකුත් කරනු ලබයි.
එසේ වුවද, එම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ, ලියාපදිංචි තැපෑලෙන් සහ ග්‍රාම නිලධාරි මඟින් අවස්ථාවෝචිත පරිදි ණය හිමි වෙත දැනුම්දී ණය හිමි පාර්ශවය හිතාමතාම විභාගයට පැමිණීම පැහැර හරින්නේ යයි මණ්ඩලයට නිශ්චිත ලෙස එත්තු ගියහොත් පමණි. මෙබඳු අවස්ථාවකදී එවැනි සහතිකයක් නිකුත් කිරීමෙන් ඇතිවන වාසිය ණයකරු සතුවේ. වෙනත් අධිකරණයක මේ පිළිබඳ විභාගයක් පැවැත්වෙන අවස්ථාවකදී මෙම සහතිකය එම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුව හොත් ණය මුදල් බේරුම් කිරීම සඳහා අවුරුදු 10ක උපරිමයකට යටත්ව කාල සීමාවක් ලබාදීමටත් පොළිය අවම අනුපාතය දක්වා අඩු කිරීමෙන් නඩු ගාස්තු කිසිවක් ණයකරුගෙන් අයකර නොගැනීමටත් ණය සහනදායක අඥාපනත යටතේ අධිකරණයට බලතල ලබා දී ඇත.
ලේකම්,
ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව
අංක 46,48,
ආචාර්ය එන්. එම්. පෙරේරා මාවත,
බොරැල්ල,
කොළඹ 08.
ලේකම් : +94 112 697 910
කාර්යාලය : +94 112 697 911
+94 112 334 816
| View & Download | |
| ණය සහනදායක ආඥාපනත යටතේ සහන ලබා ගැනීමේ ඉල්ලුම්පත | ![]() |
| ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමට උපදෙස් | ![]() |
| ණය සහනදායක මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය | ![]() |








