අමාත්‍යාංශයේ හා එය යටතේ පවතින දෙපාර්තමේන්තුවල කටයුතු පිළිබඳ ව්‍යාපෘති සැලසුම්සකස් කිරීම, ප්‍රගති පාලනය සහ සුපරීක්ෂණය.
කාර්යක්ෂමව හා ඵලදායීව යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ පද්ධතියට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම මෙම අමාත්‍යාංශය වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමකි. ඒ සඳහා නව යටිතල පහසුකම් සැපයීමත් පවතින පහසුකම් වැඩිදියුණු කිරීම හා පවත්වාගෙන යාමත් ඉංජිනේරු අංශයේ මූලික කාර්යභාරය වේ.
අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තුවල සහ අධිකරණවල මූල්‍ය සැලසුම් කළමනාකරණය සහ පාලනය.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරන ලද උපලේඛනගත රාජ්‍ය නිලධාරීන් හැර අනිකුත් සියලුම නිලධාරීන්ගේ සහ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල පරිපාලන කටයුතු කිරීම.







